මුදලාලි කෙනෙක් එක්ක අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා ගොඩක් අය හිතන් ඉන්නේ

සිඳූ” ටෙලිනාට්‍ය හරහා ඔබ වෙත සමීප වුණු “නිම්මි” ඔබට මතක ඇති. ඉන්පසු “ඔබ නිසා”, “සිහින සමාගම”, “මුතුලෙන් දොර” ටෙලිනාට්‍ය තුළින්ද ඇයව විවිධ චරිත හරහා ඔබට හමුවන්නට ඇති. ඇය තමයි ඉරේෂා තෙන්නකෝන්. ඉතින් මේ දවස්වල ඇයගේ කලා ජීවිතය ගෙවී යන විදිය ගැන දැනගැනීමට අපි ඇයට කතා කළා.

මේ දවස්වල ඉරේෂාගේ ජීවිතයට උදවු කිරීමට ව්‍යාපාරිකයෙක් මූලික වෙනවා නේද?

ඒ ඉතින් මගේ අසරණකමට “රතු මුදලාලි” ගෙයක් හදලා දෙන්න සූදානම් වෙනවා. ගොඩදෙනෙක් හිතාගෙන ඉඳලා තියෙන්නේ “රතු මුදලාලි” මම සමඟ අනියම් සම්බන්ධකමක් ඇතිකර ගැනීමට පෙලඹෙනවා කියලා. නමුත් එහෙම ආදර සම්බන්ධතාවක් අපි අතර ගොඩනැඟෙන්නේ නැහැ. අවසානයේ “රතු මුදලාලි”ට අත්වන ඉරණම ගැන දැනගන්නට පුළුවන් වෙන්න ඇති “පිං කෙත” ටෙලිනාට්‍ය නැරැඹුවානම්.

ඔබගේ දායකත්වය කොයි විදියටද මේ දවස්වල කලාකටයුතු සමඟ ගෙවීගෙන යන්නේ?

OVI & la‍odrÈe නිෂ්පාදන ආයතනයෙන් හඳුන්වා දෙන වෙළෙඳ ප්‍රචාරක කටයුත්තක් සම්බන්ධව දැනුවත් කිරීමක් කරගෙන යනවා. චාමර පෙරේරා අධ්‍යක්‍ෂණය කළ ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙලා වැඩකටයුතු කළා. ළඟදීම “සියත” රූපවාහිනියේ එම ටෙලිනාට්‍ය විකාශය වීමට නියමිතයි.

රඟපාන අතරතුර නීතිවිරෝධී වැඩවලට යොමුවෙලා නේද?

අනේ එහෙම නීතිවිරෝධී වැඩ මොනවත් මම කරන්නේ නැහැ. මම නිරූපණය කරන ඒ ටෙලිනාට්‍යයේ මගේ චරිතය අනුව මට ඒ දේවල් කරන්නට සිදුවෙනවා. මම ඒ කතාව ගැන දිග, පළල ගැන දැන්ම කියන්න කැමැති නැහැ. ටෙලිනාට්‍ය විකාශය වෙනකොට හැමෝටම තේරෙයි මම කරන්නේ මොනවගේ හපන්කමක්ද කියලා.

ඔබේ ආදරණීය සැමියා ජනප්‍රිය ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක්. ඔහු නිර්මාණය කරන ටෙලිනාට්‍යයක් මේ දවස්වල විකාශය වෙනවා. එයට ඔබව සම්බන්ධ කරගත්තේ නැද්ද?

ඔහු තමයි රසාංග පෙරේරා. ඔහුගේ නිර්මාණයක් තමයි “බස්එකේ ඉස්කෝලේ” ටෙලිනාට්‍යය. මට ඉතින් “බස්එකේ ඉස්කෝලේ” යන්නට බැරිවුණා. මොකද ඒ නිර්මාණය තුළ මට ගැළපෙන චරිතයක් නොතිබුණු නිසා. මට ගැළපෙන චරිතයක් තිබුණොත් ඔහු මාව සම්බන්ධ කරගනී. මාව නොගැළපෙන දෙයකට දාලා නිර්මාණය අසාර්ථක වෙනවාට මමත් කැමැති නැහැ. ඉතින් ඔහුගේ වැඩකටයුතු සඳහා මගේ උපරිම සහාය ලබා දෙනවා.

ඒ වුණාට හිතේ පුංචි දුකක් ඇති?

අයියෝ… එහෙම කිසිම දුකක් නැහැ. මොකද ඔහුගේ වැඩේ සාර්ථක වෙන්නයි ඕනෑ. අනෙක මට සැටිස් චරිතයක් නැතිනම් මට ගිහින් සතුටින් රඟපාන්නත් බැහැ.

ඔබ දෙදෙනාගේ ආදර කතාව ගොඩනැඟෙන විට ඔබ මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා නැද්ද?

ඔහු මට ආදරය ප්‍රකාශය කරනකොට මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා හිටියේ. මාව නිර්මාණයකින් දැකලා තමයි මම ගැන හොයලා තියෙන්නේ.

ක්‍ෂේත්‍රයටම සම්බන්ධ කෙනෙක් සමඟ එකට පවුල්කන්න පුළුවන් කියලා ඔබට විශ්වාසද?

මේ ක්‍ෂේත්‍රයේ කීදෙනෙක් එහෙම ලස්සනට පවුල් ජීවිතය ගතකරනවාද. ඉතින් මට ඔහු ගැන තියෙන්නේ ලොකු විශ්වාසයක්. ඔහුටත් එහෙමයි. ඉතින් ඒ විශ්වාසනීය බැඳීමට පටහැනිව කටයුතු කිරීමට අපි සූදානම් නැහැ. දෙන්නට දෙන්නා අවංක ආදාරයකින් වගේම අපි දෙන්නාම හොඳම අවබෝධයකින් තමයි කටයුතු කරන්නේ.

ඉරේෂා මේ වසරේ වෙඩින් එක ගැනීමටද සැලසුම?

අපි නීතියෙන් විවාහ ගිවිසගෙන ඉන්නේ. ළඟදීම වෙඩින් එක ගන්නත් සැලසුමක් කරගෙන යනවා. මේ කොරෝනා ප්‍රශ්නයත් එක්ක තවම හරි දින වකවානුවක් කියන්න අපහසුයි.

වසන්ත විතාරණගේ
Mawratanews



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46