මුදල් මුද්‍රණයට දැඩි සීමා

මහ බැංකුව සහ එහි කටයුතු තව දුරටත් ස්වාධීන කරමින් සම්මත වූ මහ බැංකු පනත අද (15) සිට ක්‍රියාත්මක බව වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ් අනුව මහ බැංකුව මගින් මීට පෙර සිදු කළ මුදල් මුද්‍රණය සිදු කළ හැක්කේ ඉතා සීමා සහිතව සුවිශේෂී තත්ත්වයන් යටතේ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

රට තුළ පවතින විශේෂ ආරක්ෂක ගැටලුවක දී සහ ලෝක මට්ටමේ සෞඛ්‍ය ගැටලුවක දී පමණක් එම අවස්ථාව හිමි වනවා.

එලෙස මුදල් මුද්‍රණය කළ හැකි වන්නේ ද නිකුත් කර ඇති භාණ්ඩාරගාර බිල්පත් වටිනාකමෙන් 5%ක වටිනාකම නොඉක්මවන මුදලක් පමණක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ .

මීට අමතරව මහ බැංකුව උද්ධමන ඉලක්කයක් අනුව කටයුතු කළ යුතු අතර ඊට ළඟා වීමට අපොහොසත් වුවහොත් ඒ් සම්බන්ධයෙන් හේතු දැක්වීමට ද මහ බැංකුවට සිදු වනවා.

මහ බැංකුවේ සාමාන්‍ය පාලක මණ්ඩලය සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා සහභාගී නොවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එම මණ්ඩල සාමාජිකයන්ගේ සුදුසුකම් පවා නව මහ බැංකු පනතට ඇතුළත් කර තිබීම ද විශේෂත්වයක්.

එම පත්වීම් අනුමත කළ යුතු වන්නේද ව්‍යාවස්ථාදායක සභාව මගිනුයි.

මීට අමතරව මහ බැංකු අධිපතිවරයා කැඳවා කරුණු වීමසීමට ද මෙමගින් පාර්ලිමේන්තුවට බලය හිමි වන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56