මුදල් මුද්‍රණයට දැඩි සීමා

මහ බැංකුව සහ එහි කටයුතු තව දුරටත් ස්වාධීන කරමින් සම්මත වූ මහ බැංකු පනත අද (15) සිට ක්‍රියාත්මක බව වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ් අනුව මහ බැංකුව මගින් මීට පෙර සිදු කළ මුදල් මුද්‍රණය සිදු කළ හැක්කේ ඉතා සීමා සහිතව සුවිශේෂී තත්ත්වයන් යටතේ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

රට තුළ පවතින විශේෂ ආරක්ෂක ගැටලුවක දී සහ ලෝක මට්ටමේ සෞඛ්‍ය ගැටලුවක දී පමණක් එම අවස්ථාව හිමි වනවා.

එලෙස මුදල් මුද්‍රණය කළ හැකි වන්නේ ද නිකුත් කර ඇති භාණ්ඩාරගාර බිල්පත් වටිනාකමෙන් 5%ක වටිනාකම නොඉක්මවන මුදලක් පමණක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ .

මීට අමතරව මහ බැංකුව උද්ධමන ඉලක්කයක් අනුව කටයුතු කළ යුතු අතර ඊට ළඟා වීමට අපොහොසත් වුවහොත් ඒ් සම්බන්ධයෙන් හේතු දැක්වීමට ද මහ බැංකුවට සිදු වනවා.

මහ බැංකුවේ සාමාන්‍ය පාලක මණ්ඩලය සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා සහභාගී නොවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එම මණ්ඩල සාමාජිකයන්ගේ සුදුසුකම් පවා නව මහ බැංකු පනතට ඇතුළත් කර තිබීම ද විශේෂත්වයක්.

එම පත්වීම් අනුමත කළ යුතු වන්නේද ව්‍යාවස්ථාදායක සභාව මගිනුයි.

මීට අමතරව මහ බැංකු අධිපතිවරයා කැඳවා කරුණු වීමසීමට ද මෙමගින් පාර්ලිමේන්තුවට බලය හිමි වන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00