මුදල් කාරක සභාවට සාමාජිකයින් පත්කෙරේ – සභාපතිකම හර්ෂට ඉල්ලයි

රජයේ මුදල් කාරක සභාව සඳහා පත්කෙරුණු මන්ත්‍රීවරුන් දස දෙනෙකුගේ නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අද (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

රවුෆ් හකීම්, විජිත හේරත්, පාඨලි චම්පික රණවක, චන්දිම වීරක්කොඩි, නාලක ගොඩහේවා,හර්ෂ ද සිල්වා, එම්.ඒ සුමන්තිරන්, හේෂා විතානගේ, මයන්ත දිසානායක සහ හර්ෂණ රාජකරුණා යන මන්ත්‍රීවරුන් එම සාමාජිකයින්.

මේ අතර මුදල් කාරක සභාවේ සභාපති ධුරය සඳහා සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂ ද සිල්වා පත් කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.