මුදල් ඇමති ධුරයෙන් බැසිල් ඉවත් කරන්න යෝජනාවක් සම්මත කර ගනියි

මුදල් අමාත්‍ය ධුරයෙන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉවත් කිරීමේ යෝජනාවක් අද දිනයේදී සම්මත කර ගත් බවට පැවිදි හඬ සංවිධානය පවසනවා. එම සංවිධානයේ මුලසුන හොබවන අති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කර සිටිනවා.

පැවිදි හඬ සංවිධානය විසින් අද පැවති මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කර සිටියේ වත්මන් මුදල් ඇමතිවරයා සෑම මැතිවරණයකදීම පළා ගොස් නැවත පැමිණ තනතුර ලබා ගන්නා අයෙකු බවයි.

” අපිට මතකයි 2015 මැතිවරණයෙන් පස්සේ බැසිල් රාජපක්ෂ අමෙරිකාවට ගියා. පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති වුනාට පස්සේ ලංකාවට ආවා. ඇවිල්ලා ආපහු අමෙරිකාවට ගියා. අමෙරිකාවේ ඉදලා ඇවිත් මුදල් ඇමතිකමේ දිවුරුම් දුන්නා.

එතුමාට ඕන වෙලාවක ඉන්නේ එක කකුලක් අමෙරිකාවෙයි අනිත් කකුල ලංකාවෙයි තියාගෙන. එහෙම මේවා කරන්න බැහැ. අද මුළු රටේම ඉල්ලීම එතුමාව මුදල් ඇමතිකමෙන් අයින් කරන්න කියලා. ඒ අනුව පැවිදි හඬ සංවිධානය අද මහා සංඝරත්නය සමග එකතු වෙලා යෝජනාවක් සම්මත කර ගත්තා බැසිල් ඇමතිතුමාව මුදල් ඇමතිකමෙන් අයින් කරන්න ඕන කියලා.

ඒ වගේම අපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් වෙලාවක් ඉල්ලලා තියෙනවා එතුමාව හම්බ වෙලා මේ ගැන කතා කරන්න. මේ ආණ්ඩුව බලයට ගෙන්න පැවිදි හඬ සංවිධානය දකුණේ දෙවුන්දර තුඩුවේ ඉදන් උතුරේ පේදුරුතුඩුව වෙනකම් වැඩ කළා. දැන් ඒ නිසා මිනිස්සු අපෙන් අහනවා ” දැන් සැපද?” කියලා.” අති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස - පාරවල් උතුරයි
01:15
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27