මුදල් ඇමතිට විශ්වාසභංගයක් ?

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ අවධානය යොමුව තිබේ.

සමගි ජනබලවේගය පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් පක්ෂයේ අභ්‍යන්තරයේ මේ වන විට සාකච්ඡා ආරම්භ වී ඇති බවය.

මුදල් අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය මෙරට ආර්ථික බිඳවැටීමට වගකිය යුතු බැවින් ඔහු සම්බන්ධයෙන් විශ්වාසය බිඳවැටී ඇති බව තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

“ආණ්ඩුවේ කළමනාකරණය බිඳ වැටිලා. විශේෂයෙන්  බැසිල් රාජපක්ෂ මහතා අඩුම ගානේ මුදල් අමාත්‍යවරයා හැටියට මේ තත්ත්වය කළමනාකරණය කරන්න ගන්න පියවරක් ගැන රටේ ජනතාව දන්නේ නෑ. ඒ විතරක් නොවේ අඩුම තරමේ පාර්ලිමේන්තුවටවත් මේ පවතින තත්ත්වය ගැන වාර්තාකරන්නවත් කිසිදු පියවරක් අරගෙන නෑ.

ආරංචි මාර්ගවල තියෙන්නේ පසු ගිය මාස කිහිපය තුළම මුදල් ඇමතිවරයා හැටියට පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ කිසිදු ආකාරයක විග්‍රහයක් කරන්න හෝ වාර්තා කරන්න කිසිදු පියවරක් අරගෙන නෑ. ඉතාමත් කනගාටු තත්ත්වයක්. මුදල් අමාත්‍යවරයා හැටියට බැසිල් රාජපක්ෂ මහතාගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ විශ්වාසයේ බරපතළ බිඳ වැටීමක තියෙනවා. මේ වෙනකොටත් රටේ තියෙන ආර්ථික තත්ත්වයට විසඳුම් හොයනවාද ? අපට පිළිගන්න අමාරුයි.

ඒ නිසා එතුමා කෙරෙහි විශ්වාසය බිඳ වැටීම සම්බන්ධයෙන් යම් යෝජනාවක් ඉදිරිපත් කරන්න අවධානය යොමු වෙලා තියෙනවා. මේ පිළිබඳ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් සහ අපේ පක්ෂයේ කළමනාකරණ කමිටුව ඇතුළු කණ්ඩායම් අතර අදහස්  හුවමාරු වෙමින් තිබෙන්නේ. නිල වශයෙන් සාකච්ඡා වුණාට පසුව අපි බලාපොරොත්තු වෙනවා ඒ ගැන ක්‍රියා කරන්න.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නයි බස්තමත් අරගෙන නුවර ඉදලා කොළඹට පා ගමනේ වඩින භික්ෂුව - දළඳා මාළිගාවෙදි පොලිසිය එක්ක පැටලෙයි
02:28
Video thumbnail
කතානායකට එරෙහි විශ්වාසභංගය විවාදයට නොගැනීමේ තීරණයක් - බිමල් සියල්ල හෙළිකරයි
03:45
Video thumbnail
අපිට පාන් කියා ගන්න බැරුව ඉන්නේ - හිතපු සුරංගනා ලෝකය ලැබුණේ නෑ..පාන් මිල වැඩිවීම ගැන ජනතාවගෙන් චෝදනා
04:13
Video thumbnail
තම ධෛර්යයෙන් නැඟී සිටි කවිඳු දෙමළ කථික තරගයෙන් සමස්ත ලංකාවෙන්ම දෙවන ස්ථානය
08:25
Video thumbnail
රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය දවසින් දවස කඩා වැටෙනවා - ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට හරවන්නේ
04:34
Video thumbnail
ගමකට කඩා වැදුණු වන අලි - මුළු ගමම බියවෙයි.."අනේ යන්න අප්පච්චි..යන්න..යන්න"
01:06
Video thumbnail
වාහන හතරක් එකට වැදී අනතුරක් - "බයික් එක වැදුණ ගමන් ත්‍රීවිල් එකත් පෙරලුණා"
02:16
Video thumbnail
"පාන් මිල වැඩි කරන්න කියලා අපිට ලොකු පෙෂර් එකක් ආවා"පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමයි
03:18
Video thumbnail
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ එක්දින වැඩ වර්ජනය - මෙන්න විශ්ව විද්‍යාල අසළ දර්ශන
02:06
Video thumbnail
විපක්ෂය බිල්ලෝ මවලා සමාජයට වැරදි අදහස් යවනවා - නැවතත් පා ගමනක් යන්න හදන්නේ ?
05:15