මුදල් ඇමතිට විශ්වාසභංගයක් ?

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ අවධානය යොමුව තිබේ.

සමගි ජනබලවේගය පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් පක්ෂයේ අභ්‍යන්තරයේ මේ වන විට සාකච්ඡා ආරම්භ වී ඇති බවය.

මුදල් අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය මෙරට ආර්ථික බිඳවැටීමට වගකිය යුතු බැවින් ඔහු සම්බන්ධයෙන් විශ්වාසය බිඳවැටී ඇති බව තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

“ආණ්ඩුවේ කළමනාකරණය බිඳ වැටිලා. විශේෂයෙන්  බැසිල් රාජපක්ෂ මහතා අඩුම ගානේ මුදල් අමාත්‍යවරයා හැටියට මේ තත්ත්වය කළමනාකරණය කරන්න ගන්න පියවරක් ගැන රටේ ජනතාව දන්නේ නෑ. ඒ විතරක් නොවේ අඩුම තරමේ පාර්ලිමේන්තුවටවත් මේ පවතින තත්ත්වය ගැන වාර්තාකරන්නවත් කිසිදු පියවරක් අරගෙන නෑ.

ආරංචි මාර්ගවල තියෙන්නේ පසු ගිය මාස කිහිපය තුළම මුදල් ඇමතිවරයා හැටියට පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ කිසිදු ආකාරයක විග්‍රහයක් කරන්න හෝ වාර්තා කරන්න කිසිදු පියවරක් අරගෙන නෑ. ඉතාමත් කනගාටු තත්ත්වයක්. මුදල් අමාත්‍යවරයා හැටියට බැසිල් රාජපක්ෂ මහතාගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ විශ්වාසයේ බරපතළ බිඳ වැටීමක තියෙනවා. මේ වෙනකොටත් රටේ තියෙන ආර්ථික තත්ත්වයට විසඳුම් හොයනවාද ? අපට පිළිගන්න අමාරුයි.

ඒ නිසා එතුමා කෙරෙහි විශ්වාසය බිඳ වැටීම සම්බන්ධයෙන් යම් යෝජනාවක් ඉදිරිපත් කරන්න අවධානය යොමු වෙලා තියෙනවා. මේ පිළිබඳ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් සහ අපේ පක්ෂයේ කළමනාකරණ කමිටුව ඇතුළු කණ්ඩායම් අතර අදහස්  හුවමාරු වෙමින් තිබෙන්නේ. නිල වශයෙන් සාකච්ඡා වුණාට පසුව අපි බලාපොරොත්තු වෙනවා ඒ ගැන ක්‍රියා කරන්න.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11