මුදල් ඇමතිගේ කාර් හීනය

මෙරටදී මෝටර් රථ නිපදවීම කෙරෙහි අවධානය යොමුකළයුතු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

මාධ්‍යවේදියෙකු වාහන ආනයනය ආරම්භය සම්බන්ධයෙන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මාධ්‍යවේදියෙක් – “ඉදිරියේදී වාහන ආනයනය කරනවද නැද්ද කියලා දැනගන්න පුළුවන් ද?”

අමාත්‍ය බැසිල් රාජපක්ෂ – “වාහන ගෙන්න ඉස්සෙල්ලා පරිප්පු ටික ගේන්න එපැයි. මම බලන්නේ හෙට උදේ වෙද්දි පරිප්පු කන්ටේනර් ටික බේරන්නේ කොහොමද කියලා. කොහොම හරි මෙහෙම කාර් එකක් හදාගමු.” 

මේ අතර ඉදිරියේදී වාහන ආනයනය සඳහා අවසර ලබා දීමේ දී විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා ප්‍රමුඛතාවයක් ලබා දීමට කටයුතු කරනු ලබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භක දිනයේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා පැවසුවේ, එම වාහන සඳහා විදුලිය ලබා ගැනීමේ දී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සැලසුම් කළ යුතු බවය.

“වාර්ෂිකව අපේ රටේ ආනයන වියදමෙන් සියයට 20ක් පමණ වෙන්වන්නේ තෙල් ආනයනය සඳහායි. සමස්ත අපනයන ආදායම මසකට ඩොලර් මිලියන 1,000කටත් වඩා අඩු ප්‍රමාණයක් වන විට තෙල් සඳහා පමණක් මාසයකට ඩොලර් මිලියන 350කට ආසන්න ප්‍රමාණයක වියදමක් දැරීමට අපට සිදුවෙනවා. මෙලෙස ආනයනය කරන තෙල්වලින් සියයට 70ක් පමණ වැය වන්නේ වාහන සඳහා ඉන්ධන වශයෙන්. විදුලි උත්පාදනය සඳහා සියයට 21 ක් පමණ වැයවෙනවා. කර්මාන්ත සඳහා යොදා ගැනෙන්නේ සියයට 4ක් පමණයි. ඉදිරියේ දී වාහන ආනයන සඳහා අවසර ලබා දෙන විට විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා ප්‍රමුඛතාවක් ලබා දෙන්නට අප බලාපොරොත්තු වෙනවා. ඒ අනුව වාහන සඳහා විදුලිය සැපයීමේ දී හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කරන්නට අපි සැලසුම් කළ යුතුයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කුරුදුවත්ත ප්‍රදේශයට නව බස් රථයක් ලබා දෙන්න ගිය ආණ්ඩු ප්‍රබලයා - ගොඩක් සතුටුයි.. ආරක්ෂා කරගන්නවා
03:48
Video thumbnail
මාල කඩපු හොරාට මිනිස්සු වටවෙලා ගුටි පූජාවක් දෙයි - "හොරු තොපි හොරු..අනිත් එකා පැනලා දිව්වා"
05:14
Video thumbnail
වනඅලි ප#රදීමකින් නිවසක් සම්පුර්ණයෙන්ම විනාශයි - අලියගෙන් බේරෙන්න නිවැසියන් ගෙදරින් දුවලා
01:02
Video thumbnail
වාහන ගන්න බැරි තරමට මිල වැඩි වෙනවා - ආනයනයේදී එකතු කරන 15%ක බද්ද ගැන විශේෂ ප්‍රකාශයක්
07:56
Video thumbnail
රාජපක්ෂ හොරුන්ටත් වඩා බයානක හොරු රැලක් මේ - නිරෝෂන්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
01:50
Video thumbnail
අනුරට දුන්නොත් රට ඉවරයි කියලා අපි කිව්වනේ - ජනපති කළේ අධිකරණයට අපහාස කිරීමක්
03:47
Video thumbnail
බැට් කරන්න විකට් එක දෙන්න එපැයි..අරකේ මහත් හොරු මේකේ හැකර් හොරු
04:15
Video thumbnail
සොරාට මිනිස්සු එකතුවෙලා මහ පාර මැද තියලා කරපු දේ
00:44
Video thumbnail
සොරාට මිනිස්සු එකතුවෙලා මහ පාර මැද තියලා කරපු දේ - සොරා මිනිස්සු ඉස්සරහා හඬා වැටෙයි
01:13
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.16
01:00:38