මුදල් අමාත්‍යාංශයේ කල්කිරියාව ගැන පාර්ලිමේන්තු කාරක සභා කිහිපයක නොසතුට (වීඩියෝ)

රජයේ ආදායම් වැඩි කිරීම සදහා පාර්ලිමේන්තු කාරක සභා ගණනාවකින් ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරී‍ම ප්‍රමාද වීම සොයා බැලීම සදහා මුදල් අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව යන ආයතනවල ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් පසුගිය දා (24) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවට කැඳවා තිබුණා.

රාජ්‍ය ආදායමට ඍජුව බලපාන ආයතනවල තොරතුරු තාක්ෂණ පද්ධතිය සංවර්ධනය කිරීමට අදාලව 2016 වසරේ සිට මුදල්
අමාත්‍යාංශයට යෝජනාවලියක් ඉදිරිපත් කළ ද 2022 වසරේ දී ද එය ඉටු නොවී නැති බවත් කෝපා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න පෙන්වා දුන්නා.

ජනාධිපති ලේකම්වරයා හා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කිරීමට සිදු වූ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එමෙන්ම 2024 වසර සදහා වන අයවැය සකස් කිරීමේදී අදාළ ඇස්තමේන්තු සැකසීම සදහා මුදල් අමාත්‍යාංශය අනෙකුත් ආයතන සමඟ නිසි සම්බන්ධීකරණයක් සිදුකර නැති බව කාරක සභා සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

මෙහිදී අදහස් දක්වමින් ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දාන්ද අළුත්ගමගේ පෙන්වා දුන්නේ දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සදහා දෙපාර්තමේන්තුවේ සහ අමාත්‍යාංශයේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවන බවයි.

මත්පැන් නිෂ්පාදකයන් බදු ගෙවීම සිදුනොකළ ද සුරා බදු දෙපාර්තමේන්තුව බලපත්‍ර අලුත් කිරීම සිදුකරන බැවින් බදු
නොගෙවන්නේනම් බලපත්‍ර අලුත් නොකරන ලෙසට සිය කාරක සභාව විසින් යෝජනා කළ ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිර්දේශයක් ඒ සදහා නොමැති බව කියමින් බලපත්‍ර අලුත්කර ඇති බව ද ඔහු මෙහිදී පැවසුවා.

සුරාබදු දෙපාර්තමේන්තුව මත්පැන් හිමියන් වෙනුවෙන් නොව රජය වෙනුවෙන් සෑම විටම පෙනී සිටිය යුතු බව ද ඒ ඔහු මෙහිදී සඳහන් කළා.

එමෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තාවකාලික වැට් අංකයක් නිකුත් කිරීම නිසා බහාලුම් විවිධ නම්වලින් ආනයනය කර පසුදින සමාගම වසාදමන බවත් එමගින් රජයට විශාල බදු මුදලක් අහිමිවන බවත් අළුත්ගමගේ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

දේශීය අදායම් පනත සකස් වී ඇත්තේ බදු නොගෙවීම දිරිමත් කිරීමට බවත් අභියාචනා 04ක් ඉදිරිපත් කළ හැකි, වසර 20ක් බදු නොගෙවා සිටිය හැකි ආකාරයේ කිසිදු පනතක් සහ නෛතික තත්ත්වයක් ලොව කිසිදු රටක නොමැති බවද ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දාන්ද අළුත්ගමගේ පෙන්වා දුන්නා.

ඒ, අනුව පවතින තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා හමු වී කරුණු ඉදිරිපත් කරන බවත් මෙහිදී පැවසුවා.

මෙහිදී අදහස් දැක්වූ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගාමිණි වලේබොඩ පැවසුවේ සිය ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත කරුණු රැසක් අනාවරණය වූ බවයි.

එම ගැටලුවලින් 50%කට වැඩි ප්‍රමාණයක් මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය කාරණා මත සිදුව ඇති බවත් ඒ අනුව මුදල් අමාත්‍යාංශය සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගතකරණයකට ලක්විය යුතු බවත් ඔහු සදහන් කළා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන සම්බන්ධයෙන් නිසි ඇගයීමක් සිදුකර බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු පිළිබඳ නිසි උපදෙස් ලබා දෙමින් කාර්යක්ෂමතාව වැඩි කිරීමටත් අදාළ පරිසාධන මට්ටම්වලට ළගාවීමට නිසි සම්බන්ධීකරණය මුදල් අමාත්‍යාංශයෙන් සිදුකළ යුුතු බව ද මෙහිදී අවධාරණය කෙරුණා.

එමෙන්ම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ද මෙහිදී අදහස් දක්වා සිටියා.

කැසිනෝ සදහා නියාමකයෙක් පත් කරන ලෙස මුදල් කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයට නිර්දේශ කළ පරිදි නියාමන ආයතන සැකසීම 2023 සැප්තැම්බර් වන විට සිදුකරන බව පැවසුව ද මේවන තෙක් ඉටු නොකිරීම පිළිබඳව ඔහු අවධානය
යොමු කළා.

එමෙන්ම අමාත්‍යාංශය හා අදාළ ආයතන අතර නිසි සම්බන්ධතාවක් නොමැති වීම ගැටලු සහගත බව පෙන්වා දුන්නා.

එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රැමිස් පද්ධතියට අදාළ ගිවිසුම හෝ විගණකාධිපතිවරයාට ලබා දී නොමැති වීම ගැටලු සහගත බව ද මෙහිදී සාකච්ඡා වුණා.

මේ අනුව මෙම සියලු කාරක සභා මගින් මෙම ආයතනවලට අදාළව පසුගිය වසරක කාලය තුළ ඉදිරිපත් කළ සාකච්ඡා සටහන් මුදල් අමාත්‍යාංශයට නැවත යොමු කරන බවත් ඒ සදහා මාසයක් ඇතුළත විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙස ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා සභාපතිවරයා දැනුම් දුන්නා.

මීට අමතරව සුරාබදු දෙපාර්තමේන්තුවට අදාළ ස්ටිකර් වංචාව, ශ්‍රී ලංකා රේගුව සහ දේශීය අදායම් දෙපාර්තමේන්තුව ආශ්‍රිතව පවතින නෛතික හිඩැස් ඇතුළු කාරණා ගණනාවක් පිළිබඳව දීර්ඝ ලෙස මෙහිදී අවධානය යොමු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18