spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුතුරාජවෙල ගැසට් එකත් රිවස් වෙයි..?

“මුතුරාජවෙල තෙත් බිම් සංරක්ෂිත කළාපය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් පවරා ගනු ලබන්නේ ඒ අවට වගුරු බිම් පමණයි. ඒ හැර ඒ අවට පදිංචි කිසිම අයෙතුගේ නිවාස හෝ ඉඩම් පවරා ගැනීමක් සිදු නොකරන බව මම අනිවාර්යෙන්ම කියනවා. ඒ නිසා කිසිදු පුද්ගලයෙක් තමන්ගේ ඉඩම් හෝ තමන් වාසය කරන නිවාස අහිමි වේයැයි බියක් ඇති කර යුතු නැහැ.

ඒ නිසා තවදුරටත් මුතුරාජවෙළ සංරක්ෂණ කලාපයට එරෙහිව විරෝධතා, උද්ඝෝෂණ, පෙළපාලි පැවැත්වීම කළ යුතු නැතැයි. මුතුරාජවෙළ තෙත් බිම ආරක්ෂා කර ගැනීම සඳහා රජය ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කරනවා” පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පරිසර ආමත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එසේ වගුරු බිම් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමෙන් අනතුරුව රැම්සා තෙත් බිමක් ලෙස සංරක්ෂණය කර වනජීවි දෙපාර්තමේන්තුවට පවරනවා. ඒ වගේම එම කටයුතු සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන නාගරික සංවර්ධන අධිකාරිය මගින් ලබා දෙන්නට ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. ඒ වගේම අඩුපාඩු මුදලක් වේ නම් එය පරිසර ආමත්‍යාංශය විසින් ලබා දෙන බවත් සඳහන් කරන්නට කැමැතියි.

මුතුරාජවෙළ අවට ජනතාව තම ඉඩම් හා නිවාස අහිමි වේයැයි බියට පත් වුනේ ගැසට් පත්‍රය පළ කිරීමේ දී නම් සඳහන් කරමින් පළ කිරීමයි. ඒක සිදු කළ වැරැද්දක් ලෙස අපි දකිනවා. නමුත් මුතුරාජවෙළ තෙත් බිම් සංරක්ෂණය කරනු ලබන්නේ එම පරිසර කලාපය රැක ගැනීම සඳහා ම ගත් තීරණයක් මත බව මම ප්‍රකාශ කරනවා.

මුතුරාජවෙළ තෙත් බිම යනු කොළඹ ජනතාවගේ එක් පෙණහැල්ලක්. අනික් පෙණහැල්ල තමයි බෙල්ලන්විල තෙත් බිම් කළාපය. මේ සියල්ලම රැක ගැනීම මත තමයි කොළඹ ජනතාවගේ ජීවිත රඳා පවතින්නේ. ඒ නිාස තමයි රජය මෙම තෙත් බිම් සංරක්ෂණයට ප්‍රමුඛත්වය ලබා දී තිබෙන්නේ.

මුතුරාජවෙළ සංරක්ෂණය කිරීම සඳහා වගුරු බිම් පවරා ගත් පසු ඒවා කිසිම අයුරකින් ගොල්ෆ් පිටි, හෙළිකොප්ටර් අංගන හෝ හෝටල් ඉදි කිරීම සඳහා පුද්ගලික අංශයට පවරා දීමට කටයුතු කරන්නේ නැහැ. මුතුරාජවෙළ රැම්සා තෙත් බිමක් ලෙස සංරක්ෂණය කළ පසු විදේශිය මෙන්ම දේශීය සංචාරකයින්ගේ ආකර්ශණයට ලක් වෙනවා. එවිට එහි වාසිය ලැබෙන්නේ ඒ අවට පදිංචි ජනතාවටමයි.

එමනිසා මෙම සුවිශේෂී පරිසර කළාපය සංරක්ෂණය සඳහා ගන්නා පියවර තුළ ඒ අවට පදිංචි ජනතාවට කිසිදු අසාධාරණයක් සිදු වන්නට රජය ඉඩ දෙන්නේ නෑ” යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?