මුතුරාජවෙල ගැසට් එකත් රිවස් වෙයි..?

“මුතුරාජවෙල තෙත් බිම් සංරක්ෂිත කළාපය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් පවරා ගනු ලබන්නේ ඒ අවට වගුරු බිම් පමණයි. ඒ හැර ඒ අවට පදිංචි කිසිම අයෙතුගේ නිවාස හෝ ඉඩම් පවරා ගැනීමක් සිදු නොකරන බව මම අනිවාර්යෙන්ම කියනවා. ඒ නිසා කිසිදු පුද්ගලයෙක් තමන්ගේ ඉඩම් හෝ තමන් වාසය කරන නිවාස අහිමි වේයැයි බියක් ඇති කර යුතු නැහැ.

ඒ නිසා තවදුරටත් මුතුරාජවෙළ සංරක්ෂණ කලාපයට එරෙහිව විරෝධතා, උද්ඝෝෂණ, පෙළපාලි පැවැත්වීම කළ යුතු නැතැයි. මුතුරාජවෙළ තෙත් බිම ආරක්ෂා කර ගැනීම සඳහා රජය ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කරනවා” පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පරිසර ආමත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එසේ වගුරු බිම් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමෙන් අනතුරුව රැම්සා තෙත් බිමක් ලෙස සංරක්ෂණය කර වනජීවි දෙපාර්තමේන්තුවට පවරනවා. ඒ වගේම එම කටයුතු සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන නාගරික සංවර්ධන අධිකාරිය මගින් ලබා දෙන්නට ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. ඒ වගේම අඩුපාඩු මුදලක් වේ නම් එය පරිසර ආමත්‍යාංශය විසින් ලබා දෙන බවත් සඳහන් කරන්නට කැමැතියි.

මුතුරාජවෙළ අවට ජනතාව තම ඉඩම් හා නිවාස අහිමි වේයැයි බියට පත් වුනේ ගැසට් පත්‍රය පළ කිරීමේ දී නම් සඳහන් කරමින් පළ කිරීමයි. ඒක සිදු කළ වැරැද්දක් ලෙස අපි දකිනවා. නමුත් මුතුරාජවෙළ තෙත් බිම් සංරක්ෂණය කරනු ලබන්නේ එම පරිසර කලාපය රැක ගැනීම සඳහා ම ගත් තීරණයක් මත බව මම ප්‍රකාශ කරනවා.

මුතුරාජවෙළ තෙත් බිම යනු කොළඹ ජනතාවගේ එක් පෙණහැල්ලක්. අනික් පෙණහැල්ල තමයි බෙල්ලන්විල තෙත් බිම් කළාපය. මේ සියල්ලම රැක ගැනීම මත තමයි කොළඹ ජනතාවගේ ජීවිත රඳා පවතින්නේ. ඒ නිාස තමයි රජය මෙම තෙත් බිම් සංරක්ෂණයට ප්‍රමුඛත්වය ලබා දී තිබෙන්නේ.

මුතුරාජවෙළ සංරක්ෂණය කිරීම සඳහා වගුරු බිම් පවරා ගත් පසු ඒවා කිසිම අයුරකින් ගොල්ෆ් පිටි, හෙළිකොප්ටර් අංගන හෝ හෝටල් ඉදි කිරීම සඳහා පුද්ගලික අංශයට පවරා දීමට කටයුතු කරන්නේ නැහැ. මුතුරාජවෙළ රැම්සා තෙත් බිමක් ලෙස සංරක්ෂණය කළ පසු විදේශිය මෙන්ම දේශීය සංචාරකයින්ගේ ආකර්ශණයට ලක් වෙනවා. එවිට එහි වාසිය ලැබෙන්නේ ඒ අවට පදිංචි ජනතාවටමයි.

එමනිසා මෙම සුවිශේෂී පරිසර කළාපය සංරක්ෂණය සඳහා ගන්නා පියවර තුළ ඒ අවට පදිංචි ජනතාවට කිසිදු අසාධාරණයක් සිදු වන්නට රජය ඉඩ දෙන්නේ නෑ” යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37