මුණුපුරාගේ පහර කෑ මිත්තණිය රෝහලේ දී මරු වැළඳගනී

පොල්පිතිගම, ඉරිමින්නාගම ප්‍රදේශයේ දී ඊයේ (26) අලුයම කාන්තාවකට පහර දී ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

අදාළ කාන්තාවගේ මුණුපුරා විසින් මෙම අපරාධය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මුණුපුරාගේ පහරකෑමෙන් බරපතළ තත්ත්වයේ පසුවූ එම කාන්තාව පොල්පිතිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

සැකකාර මුණුපුරා මෙම පහරදීම සිදුකර කාන්තාවගේ අල්මාරියේ තිබූ රුපියල් ලක්ෂයක මුදලක් ද සොරාගෙන පළාගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පහරකෑමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 78ක කාන්තාවක් බවයි වාර්තා වුණේ.

අපරාධයට සම්බන්ධ 28 හැවිරිදි සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඔහු සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළා.

මේ අතර ඝාතනයට ලක් වූ කාන්තාවගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුරුණෑගල රෝහලේ තැන්පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59
Video thumbnail
චාමර සම්පත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - ආණ්ඩුවට කඩේ යන අය පත්වීම් දෙනවා
10:59
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුරෙන් දෙදෙනෙක් රෝහලේ - CCTV කැමරාවේ සටහන්වූ අයුරු
01:40
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38