spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුණුපුරාගේ පහර කෑ මිත්තණිය රෝහලේ දී මරු වැළඳගනී

පොල්පිතිගම, ඉරිමින්නාගම ප්‍රදේශයේ දී ඊයේ (26) අලුයම කාන්තාවකට පහර දී ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

අදාළ කාන්තාවගේ මුණුපුරා විසින් මෙම අපරාධය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මුණුපුරාගේ පහරකෑමෙන් බරපතළ තත්ත්වයේ පසුවූ එම කාන්තාව පොල්පිතිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

සැකකාර මුණුපුරා මෙම පහරදීම සිදුකර කාන්තාවගේ අල්මාරියේ තිබූ රුපියල් ලක්ෂයක මුදලක් ද සොරාගෙන පළාගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පහරකෑමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 78ක කාන්තාවක් බවයි වාර්තා වුණේ.

අපරාධයට සම්බන්ධ 28 හැවිරිදි සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඔහු සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළා.

මේ අතර ඝාතනයට ලක් වූ කාන්තාවගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුරුණෑගල රෝහලේ තැන්පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?