මුණුපුරන් දෙදෙනෙකුගේ දිවි බේරා සීයා තවත් මුණුපුරෙකු සමඟ නොඑන ගමන් යයි (ඡායාරූප)

නොරෝච්චෝල, ඉලන්තඩිය, කසකැලේ මුහුදේ ගසාගෙන ගොස් සීයා සහ මුණුපුරෙකු ඊයේ (02) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මදුරන්කුලිය, කරිකට්ටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක් සහ ඔහුගේ 21 හැවිරිදි මුණුපුරා බවයි පොලිසිය පැවසුවේ.

හජ් උත්සවය වෙනුවෙන් සිය මුණුබුරන් හා පවුලේ ඥාතීන් සමඟ ඉලන්තඩිය වෙරළට පැමිණි මෙම පිරිසේ බලවත් ඉල්ලීම පරිදි මුහුදේ දියනෑමට සීයා අවස්ථාව සලසා දී තිබෙනවා.

එහිදී මුණුබුරන් තිදෙනෙක් දිය වැළකට හසුව මුහුදට ගසාගෙන ගොස් ඇති අතර, එය දුටු සීයා මුහුදට පැන පිහිනා ගොස් මුණුබුරන් දෙදෙනෙකු බේරාගෙන ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව අනෙක් මුණුබුරා බේරාගැනීමට යාමේ දී සීයා ද දිය වැළට හසුව දෙදෙනාම මුහුදට ගසාගෙන ගොස් අතුරුදන්ව තිබෙනවා.

එලෙස අතුරුදන් වූ සීයා සහ මුණුපුරාගේ සිරුරු පසුව ප්‍රදේශවාසීන් විසින් සොයා ගැනුණා.

අදාළ මළ සිරුරු දෙක පශ්චාත් මරණ පරික්ෂණ සිදුකිරීමට පුත්තලම මූලික රෝහලට රැගෙන යාමට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18