spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුණුපුරන් දෙදෙනෙකුගේ දිවි බේරා සීයා තවත් මුණුපුරෙකු සමඟ නොඑන ගමන් යයි (ඡායාරූප)

නොරෝච්චෝල, ඉලන්තඩිය, කසකැලේ මුහුදේ ගසාගෙන ගොස් සීයා සහ මුණුපුරෙකු ඊයේ (02) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මදුරන්කුලිය, කරිකට්ටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක් සහ ඔහුගේ 21 හැවිරිදි මුණුපුරා බවයි පොලිසිය පැවසුවේ.

හජ් උත්සවය වෙනුවෙන් සිය මුණුබුරන් හා පවුලේ ඥාතීන් සමඟ ඉලන්තඩිය වෙරළට පැමිණි මෙම පිරිසේ බලවත් ඉල්ලීම පරිදි මුහුදේ දියනෑමට සීයා අවස්ථාව සලසා දී තිබෙනවා.

එහිදී මුණුබුරන් තිදෙනෙක් දිය වැළකට හසුව මුහුදට ගසාගෙන ගොස් ඇති අතර, එය දුටු සීයා මුහුදට පැන පිහිනා ගොස් මුණුබුරන් දෙදෙනෙකු බේරාගෙන ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව අනෙක් මුණුබුරා බේරාගැනීමට යාමේ දී සීයා ද දිය වැළට හසුව දෙදෙනාම මුහුදට ගසාගෙන ගොස් අතුරුදන්ව තිබෙනවා.

එලෙස අතුරුදන් වූ සීයා සහ මුණුපුරාගේ සිරුරු පසුව ප්‍රදේශවාසීන් විසින් සොයා ගැනුණා.

අදාළ මළ සිරුරු දෙක පශ්චාත් මරණ පරික්ෂණ සිදුකිරීමට පුත්තලම මූලික රෝහලට රැගෙන යාමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
20
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?