spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුජිබර් රහුමාන්ට යළි පාර්ලිමේන්තු එන්න අවස්ථාව

රාජ්‍ය ඇමති ඩයනා ගමගේට අද ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමඟ පුරප්පාඩු වන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු මන්ත්‍රී මුජිබර් රහුමාන් පත් කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශය පත් කරනු ලැබුවා.

මුජිබර් රහුමාන් පසුගිය මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර, පසුව පළාත් පාලන මැතිවරණයේ දී කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස තරඟවැදීම සඳහා ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
10
+1
1
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?