මුඛ ආවරණය ගැන විමසූ පුද්ගලයාව උස්සා පොළොවේ ගසයි

මුඛ ආවරණයක් පැලඳ නොසිටි පුද්ගලයෙකුගෙන් ඒ පිළිබඳව   විමසූ පසු ඉන්ධන හල් සේවකයෙකුව උස්සා පොළොවේ ගැසූ සිද්ධියක් මීගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මීගොඩ අලුත් පාර ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක අද (06) අලුයම එම සිද්ධිය වාර්තා වී තිබේ.

අදාළ පුද්ගලයා මුඛ ආවරණයක් නොපැලඳ ඉන්ධන ලබා ගැනීමට පැමිණ ඇති අතර එහිදී ඔහුට මුඛ ආවරණයක් පැලඳගන්නා ලෙස ඉන්ධන හල් සේවකයා පවසා ඇත.

ඊට උරණ වූ අදාළ පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමග පැමිණ ඉන්ධන හල් සේවකයාව උස්සා පොළොවේ ගසා ප්‍රහාරයක් එල්ල කර තිබේ. 

ඉන්ධන පිරවුම් හලේ සවිකර තිබූ CCTV කැමරාවල එම ප්‍රහාරය සටහන් වී තිබුණි. 

පහර කෑමට ලක්වූ ඉන්ධන පිරවුම්හල් සේවකයා පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට මාරුකර යවා ඇත.

මීගොඩ පොලීසිය පවසන්නේ පහරදීමට සම්බන්ධ පුද්ගලයින් මෙතෙක් හඳුනා ගැනීමට නොහැකි වී ඇති බැවින් මහජනතාව එම වීඩියෝ දර්ශනවල සිටින පුද්ගලයින් දෙදෙනා හඳුනන්නේ නම් පොලීසියට දැනුම්දෙන ලෙසය.

මීගොඩ පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත මහතාට 0718 592 179 යන අංකයෙන් දැනුම්දිය හැකි බවද මීගොඩ පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42