මුඛයේ කොටසක් කැඩී ගොස් සිටි අයෙක් සැකසහිත ලෙස මියයයි

බදුල්ල තල්දෙන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මුඛයේ කෑල්ලක් නැතිවනසේ බරපතල තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කර සිටියදි පසු ගිය (17) වනදා රාත්‍රීයේ මියගොස් ඇති බව වාර්තා වනවා.

මරණයට පත්ව ඇත්තේ, අන්නාසිතැන්න, ගල්ගේලන්ද තල්දෙන ලිපිනයේ පදිංචිව සිටි 61 හැවිරිදි අයෙක්.

පසුගිය 6 වනදා ඇතිවු කිසියම් සිදුවීමකින් මොහුගේ මුඛයේ කොටසක් කැඩී ගොස් බරපතල තුවාල ලබා ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇතත් එය කෙසේ සිදුවී දැයි මේ දක්වා තහවුරු කර ගැනීමට නොහැකිවී ඇති බවත් පොලිසිය පවසනවා.

සිදුවීමෙන් තුවාල ලත් ඔහු කමිසය ගලවා කමිසයෙන් මුහුණ ආවරණය කරගෙන 12 ගල නැමති ස්ථානයේ සිට පාගමනින්ම කිලෝමීටර එකහමාරක් පමණ දුරින් පිහිටා ඇති සිය සොහොයුරාගේ වෙළදසැල වෙත පැමිණ ඇති අතර එහිදී ඔවුන් විසින් මොහු රෝහල් ගත කර ඇති බව විමර්ශනවලදී තවදුරටත් අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළා.

මරණය සැකසහිත මරණයක් සේ සලකා අධිකරණයට කරුණු වාර්තා කිරීමට පොලිසිය කටයුතු කර ඇති අතර ඒ අනුව, මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (18) දින පැවැත්වීමෙන් පසු සිදුකරන ලද පශ්චාත් මරණ පරික්ෂණයේදී මේ පිළිබඳව විවෘත තීන්දුවක් ලබාදුන් බව ද පොලිසිය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19