මීළඟ කොරෝනා ප්‍රභේදය කලින් සියල්ලට වඩා දරුණුයි

මීළඟ කොවිඩ් ​වයිරස් ප්‍රභේදය එහි මූලික ප්‍රභේද සියල්ලටම වඩා දරුණු විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය මාරියා වැන් කර්කෝව් ඇතුළු කණ්ඩායමක් ප්‍රකාශ කර තිබේ. ඇගේ මතය අනුව මෙම නව ප්‍රභේදය ඉතා ඉක්මනින් පැතිර යා හැකි අතර එය කොවිඩ් එන්නත්වලට යහපත් ප්‍රතිචාර නොදක්වනු ඇත. නමුත් එන්නත් ලබා සිටීම මගින් එහි මාරාන්තික තත්ත්වය අඩු කරගත හැකි බව ඇය පවසයි.

මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදය මුලින්ම සොයාගත්තේ 2020 ඔක්තෝබරයේදී ඉන්දියාවෙනි. එය ඇල්ෆා ප්‍රභේදයට වඩා 50%ක් වැඩියෙන් ආසාදනය වීමේ හැකියාවක් පෙන්නුම් කළේය. එසේම කොරෝනා වයිරස සියල්ලේම මූලික ප්‍රභේදය වන SARS – COV – 2 ට වඩා ද 50%කින් ආසාදිත වේගය වැඩි විය. ඩෙල්ටා ප්‍රභේදය මාස හයක් තුළ ඉන්දියාවට ප්‍රබල ව්‍යසනයක් සිදු කළේය. 2021 ජුනි වන විට එය බ්‍රිතාන්‍ය, ඊශ්‍රායලය, රුසියාව, ඔස්ට්‍රේලියාව ඇතුළු ලෝකයේ රටවල් රාශියකම ප්‍රමුඛ කොවිඩ් වයිරසය බවට පත්වී තිබිණ.

2021 නොවැම්බර් මාසයේදී දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් ඔමික්‍රෝන් ප්‍ර්‍රභේදය ඉතා ඉක්මනින් ව්‍යාප්තියක් පෙන්නුම් කළේ ඩෙල්ටා ප්‍රභේදයට වඩා සිවු ගුණයක ආසාදන තත්ත්වයක් පෙන්වමිනි. එය මාරාන්තික බව අතින් ඩෙල්ටා ප්‍රභේදයට වඩා අඩු වුවද එන්නත්වලට දැක්වූයේ අඩු ප්‍රතිචාරයකි. ඒ අනුව වෛද්‍යවැන් කර්කොව්පවසන්නේ වයිරසවල තත්ත්වය සුළුවෙන් තක්සේරු කළ නොහැකි බවයි. නමුත් දකුණු අප්‍රිකාවේ ස්ටීව් බිකෝ රෝහල ආශ්‍රිතව කරන ලද අධ්‍යයනයක් මගින් ඉදිරි කාලයේදී ​කොවිඩ් වසංගතය අඩු වී යන ආකාරයක් හඳුනා ගැනීමට හැකි වී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි
02:18