මීරිගම – කුරුණෑගල මධ්‍යම අධිවේගයෙන් විපතට පත් වූ පවුල් වෙනුවෙන් තවත් පෙත්සම් දෙකක්

මීරිගම-කුරුණෑගල මධ්‍යම අධිවේගයෙන් විපතට පත් වූ පවුල් 138ක තොරතුරු ඉල්ලීම්වලට අදාළ අභියාචනා 138ක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමෙන් තොරතුරු කොමිසම තොරතුරු පනත සහ ඒ යටතේ ගැසට් කර ඇති රීති උල්ලංඝනය කර ඇතැයි කියමින් එම පවුල් 138 වෙනුවෙන් සමාජය හා සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම් සාමාජික තරිඳු ජයවර්ධන අභියාචනාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා.

තොරතුරු කොමිසමේ තීන්දුව ඉවත දමමින් අදාළ තොරතුරු ලබාදෙන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරියට නියෝග කරන ලෙස එම අභියාචනා පෙත්සම් මගින් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

සමාජය හා සාමයික කේන්ද්‍රයේ පර්යේෂක තරිඳු ජයවර්ධන වෙනුවෙන් මානව හිමිකම් නීති චේම්බරය විසින් මෙම පෙත්සම් ගොනු කර ඇති අතර එක් පෙත්සමක් වෙනුවෙන් නීතිඥ ඩිලාන් නාලක සමග නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතාත් තවත් පෙත්සමක් වෙනුවෙන් නීතිඥ මනුෂිකා කුරේ මහත්මිය සමග නීතිඥ සුරෙන් ඩී පෙරේරා මහතාත් පෙනී සිටීමට නියමිතයි.

මෙම අභියාචනා ඉදිරිපත් කර ඇත්තේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසමේ සභාපති උපාලි අබේරත්න ප්‍රමුඛ කොමසාරිස්වරුන් විසින් දෙන ලද තීන්දුවකට එරෙහිව බවයි අප අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසම අලුතෙන් රීති සකස් කරන්නේ නම් එය ක්‍රියාත්මක විය යුත්තේ ඇමතිවරයා විසින් ගැසට් පත්‍රයේ පළකිරීමෙන් පසුව බවත්, එසේ තිබියදී මෙම අභියාචානවලට අදාළ රීති වෙනස් කරමින් ප්‍රතිචාර දැක්විය යුතු පෝරම සංශෝධනය කරමින් කොමිසම කටයුතු කර ඇති බවත්, අභියාචනා රීති සංග්‍රහයේ 18, 19 ඇතුළු රීති ගණනාවක් මෙන්ම පනතේ ප්‍රතිපාදනද තොරතුරු කොමිසම උල්ලංඝනය කර ඇති බවත් එම පෙත්සම්වල සඳහන් වනවා.

සාමාන්‍ය ක්‍රමවේදය යටතේ අභියාචනයක් යොමු කර මාසයක් ඇතුළත තීන්දුව ලබා දිය යුතු තොරතුරු කොමිසම හදිසි ප්‍රතිපාදන යටතේ ඉදිරිපත් කළ මෙම තොරතුරු ඉල්ලීම්වලට අදාළ අභියාචනා විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරමින් තීන්දුව ලබා දී ඇත්තේ කොමිසමට අභියාචනා කර මාස 09කට පසු බව ද එහි සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

එසේම කොමිසම අභියාචනාවලට අදාළ ව ලිඛිත දේශන ලබාදෙන ලෙස ඉල්ලමින් නිකුත් කළ සිතාසිය ගැසට් පත්‍රයේ පළ කළ රීති උල්ලංඝනය කරමින් එම රීතිවල සඳහන් කරුණු ඉවත් කර සංශෝධනයට ලක් කරමින් ⁣සකස් කළ සිතාසියක් බව ද, කොමිසම අභියාචනා විභාග කිරීමට මුලින් තීන්දු කර පසුව රීති උල්ලංඝනය කරමින් අභියාචනා ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කර ඇතැයි ද වැඩිදුරටත් එම පෙත්සම්වල සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51