“මීයෝ ඇල්ලීමට නම් දත් තිබෙන බළලෙකු සිටිය යුතුයි” – ජනපති

එක් පක්ෂයක නොව සියලු පක්ෂවල සිටින දක්ෂම කණ්ඩායම එක් කර ගනිමින් ඉකුත් දෙවසර තුළ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට තමාට හැකි වූ බවත්, තමන් සමඟ සිටින ආර්ථික කණ්ඩායම අභිබවා යා හැකි කණ්ඩායමක් වෙනත් කිසිදු පක්ෂයක නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබෙනවා.

එම පක්ෂවල සිටින ඇතැමුන් තමන් විසින් දේශපාලනයට ගෙන ආ පුද්ගලයන් බැවින් තමන් ඒ බව හොදාකාරව දන්නා බව සඳහන් කළ ජනාධිපතිවරයා, සටන තිබෙන්නේ ජනාධිපතිවරයා කවුරුන්ද යන්න පිළිබඳව නොව, ජනතාව ජීවත් කරවීම පිළිබඳව බවත්, මෙවර ඡන්දය ලබාදිය යුත්තේ ගෑස් සිලින්ඩර් සොයමින් ගිය යුගයෙන් ඉවත් වීම සඳහා බවත් පෙන්වා දුන්නා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ නීතිඥ වෘත්තීයවේදීන් සමඟ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ඊයේ (25) පැවති හමුවට එක් වෙමින්.

“ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් නීතිඥයෝ” යන තේමාව යටතේ සංවිධානය කර තිබු මෙම හමුවට ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥවරුන්, ජනාධිපති නීතීඥවරුන්, ජ්‍යෙෂ්ඨ නීතීඥයින් ඇතුළු නීතීඥ ප්‍රජාව නියෝජනය කරන විශාල පිරිසක් එක්ව සිටියා.

හොරු ඇල්ලීම පිළිබඳව එල්ල කරන චෝදනා පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා කියා සිටියේ 2015 වසරේ යහපාලන ආණ්ඩුව යටතේ හොරු ඇල්ලීමේ වගකීම භාරගත් ජනතා විමුක්ති පෙරමුණ පොලිස් නිලධාරියෙකු හෝ නීතිඥයෙකු ද නොවු ආනන්ද විජේපාල මහතාව ඒ සඳහා පත් කර ගනිමින් ලිපිගෙනු 400ක් ගෙන ක්‍රියා කළ බවයි.

අග්‍රාමාත්‍යවරයා ලෙස තමා සිදු කළේ එම කටයුතු සඳහා ප්‍රතිපාදන සැපයීම පමණක් බව පැවසු ජනාධිපතිවරයා මීයෝ ඇල්ලීමට නම් දත් තිබෙන බළලෙකු සිටිය යුතු බවත් බළලාට දත් නැත්නම් තමාට බැණ වැද ඵලක් නොවන බවත් කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ, මේ රටේ අගමැතිකම භාර ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවුණු බවත් හෙතෙම පාර්ලිමේන්තුවේ තනි ආසනයක් තිබු මන්ත්‍රිවරයෙක් පමණක් බවයි.

එහිදී අර්බුද සමයේ මෙරට උද්ගත වූ බල තුලනය සහ වගකීම ගෙන රට ආර්ථික වශයෙන් ගොඩනැගීමේ ක්‍රියාවලිය සඳහා තමා ලබාදුන් දායකත්වය පිළිබඳව තවදුරත් ප්‍රකාශ කළ හෙතෙම ඉදිරි දේශපාලන ගමන ඔස්සේ මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට අවැසි යෝජනා පිළිබඳව ද අදහස් ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14