මීටියාගොඩ වෙඩි තැබීමකින් හිටපු මන්ත්‍රීවරයෙකුට තුවාල (ඡායාරූප)

මීටියාගොඩ ප්‍රදේශයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අද දහවල් 12.45ට පමණ යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයක් අසලදී මෙම වෙඩි තැබීම සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ රත්ගම ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කළ හිටපු මන්ත්‍රී දුලාජ් තරංග නැමැත්තෙකුටයි.

ඔහු තම මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති අතර තුවාල ලැබූ හිටපු මන්ත්‍රීවරයා සිය රථය නොනවත්වා ධාවනය කරමින් හික්කඩුව පොලිසිය වෙත ගොස් තිබෙනවා.

එහිදී ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇතැයි සඳහන්.

ඔහුගේ සිරුරට වෙඩි ප්‍රහාර තුනක් එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ. සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නැහැ.

හික්කඩුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14