spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මීටියාගොඩ වෙඩි තැබීමකින් හිටපු මන්ත්‍රීවරයෙකුට තුවාල (ඡායාරූප)

මීටියාගොඩ ප්‍රදේශයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අද දහවල් 12.45ට පමණ යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයක් අසලදී මෙම වෙඩි තැබීම සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ රත්ගම ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කළ හිටපු මන්ත්‍රී දුලාජ් තරංග නැමැත්තෙකුටයි.

ඔහු තම මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති අතර තුවාල ලැබූ හිටපු මන්ත්‍රීවරයා සිය රථය නොනවත්වා ධාවනය කරමින් හික්කඩුව පොලිසිය වෙත ගොස් තිබෙනවා.

එහිදී ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇතැයි සඳහන්.

ඔහුගේ සිරුරට වෙඩි ප්‍රහාර තුනක් එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ. සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නැහැ.

හික්කඩුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
12
+1
42
+1
5
+1
14
+1
6
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?