මීගොඩ ආර්ථිකේ වෙඩි තැබීමක් – තරුණියකට වෙඩි තබා මුදල් කොල්ලකාලා (වීඩියෝ)

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අද (12) අලුයම් කාලයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තරුණියක් ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති බවයි මීගොඩ පොලිසිය පැවසුවේ.

ආර්ථික මධ්‍යස්ථානයේ ඇති තොග වෙළඳසැලකට ගිනි අවි රැගෙන පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර එහි තිබූ මුදල් කොල්ල කා ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි වැදීමට ලක්ව ඇත්තේ අදාළ තොග වෙළඳසැලේ මුදල් අයකැමි ලෙස කටයුතු කළ තරුණියක්.