මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන ප්‍රබල සාක්ෂියක් සහ සාක්ෂිකරුවෙක් සී.අයි.ඩීයෙන් සොයාගනී

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් පුද්ගලයන් 32 මියයාම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව ඊයේ (31) දිනයේත් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

එලෙස නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් ප්‍රබල සාක්ෂියක් සහ සාක්ෂිකරුවෙක් සොයාගෙන ඇති බවත් අධිකරණය වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියා.

කෙසේ වෙතත් එකී සාක්ෂිය සම්බන්ධයෙන් තොරතුරු අධිකරණයෙන් පිටතට ගියහොත් විමර්ශනවලට සහ එකී සාක්ෂි වලට බලපෑම් ඇති විය හැකි බැවින් ඒවා මාධ්‍ය මඟින් හෙළි නොකරන ලෙස ද ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු ඉදිරිපත් කිරීම සහ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ පස්වන සැකකරු මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීම මහේස්ත්‍රාත්වරිය නිල මැදිරියේ දී සිදු වුණා.

මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කළ පස්වන සැකකරු වන පල්ලේගමගේ දිනුක ලක්මාල් හෙවත් ලැම්බා නැමැත්තා ඊයේ (31) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08