මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් මියගිය ගණන 26ක් බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා.
එලෙස මියගිය අය අතර නිලධාරීන් 07 දෙනෙකු සහ රැඳවියන් 19 දෙනෙකු සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
මේ අතර තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා බන්ධනාගාර රැඳවියන් 54 දෙනෙකු ද තුවාල ලබා ඇති බව පැවසුවා.
අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර අද (06) පස්වරුවේ මීගමුව බන්ධනාගාරයේ නිරීක්ෂණයකට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කර සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
+1
1
+1
+1













