මීගමුව බන්ධනාගාර ගැටුම; නඩු අද සිට ඔන්ලයින් ක්‍රමයට විභාගයට

මීගමුව බන්ධනාගාර ගැටුම් රැඳවියන්ගේ අධිකරණ කටයුතු අද (13) සිට මාර්ග ක්‍රමය ඔස්සේ සිදුකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

පසුගිය සතියේ මාරාන්තික ගැටුමට පෙර, මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 2,400ක් පමණ රඳවා සිටියා.

ගැටුමෙන් පසුව, බොහෝ රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවූ අතර, මීගමුව බන්ධනාගාරයේ දැනට රැඳවියන් 600ක් පමණක් රඳවා සිටින බවයි දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඉදිරි දිනවලදී එම රැඳවියන් ද වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට නියමිතයි.

මේ අතර එම බන්ධනාගාරයේ මේ වනවිට රඳවා සිටින රැඳවියන් සඳහා පවුල් අය හමුවීමට අවසර නොමැති බව ද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් අටදෙනෙකු සහ රැඳවියන් 21 දෙනෙකු මිය ගිය අතර, තවත් 100 කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57
Video thumbnail
මෙයාලා යන්නෙත් රනිල් එලපු IMF කාපට් එකේ - මාලිමාව පිටිපස්සේ තියෙන්නේ JVPයJVPය පිටිපස්සේ තව කට්ටියක්
06:12
Video thumbnail
දේශපාලකයෝ හිරේ දැමීමේ හේතුව දයාසිරි කියයි ?අවු:2ට හිරේ දැම්මම අවු:7ක් දේශපාලනය කරන්න බැ
03:45