මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය රැඳවියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඇරඹේ

මීගමුව බන්ධනාගාරයේ රැඳවූවන් දෙපිරිසක් අතර ඊයේ (05) හටගත් ගැටුමෙන් මියගිය රැඳවියන්ගේ මෘතදේහ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය සඳහා මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය පැමිණ පරීක්ෂා කළ බව මීගමුව රෝහල් පොලිසිය සඳහන් කළා.

මේ වන වට අධිකරණ වෛද්‍යවරයා මෘතදේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවත්, මියගිය පුද්ගලයන්ගේ ඥාතීන් ද රෝහලට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (05) ඇති වූ ගැ‍ටුවෙන් රැඳවියන් 34 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, ඉන් දෙදෙනෙකු මරණට පත්ව බරපතල තත්ත්වයේ සිටි දෙදෙනෙක් කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබුණා.

මේ අතර රැඳවියන් තිදෙනෙකු ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව දළුපොත,පල්ලන්සේන බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ඇවිත් ගිය නාමල් - "පිස්සුව හොඳටම තදවෙනකොට ගැඹුර පේන්නේ නෑ..පැ#ලා බලන්න"
05:22
Video thumbnail
සිනහ මුසු මුහුණින් නාමල් රාජපක්ෂ අදත් අධිකරණයට...
00:41
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි - එල්නිනෝ තත්ත්වයේ නවතම දත්ත මෙන්න
06:57
Video thumbnail
හිටපු අය පෞද්ගලික වුවමනාවලට නීතිය නැව්වේ - දැන් කට්ටිය උසි ගන්වලා
06:41
Video thumbnail
ජීවිතයක් තෑගි කළ දන්සැල... හැමෝගෙම හිත ගත් අපූරු පින්කම
01:01
Video thumbnail
කතරගම පෙරහැර බලන්න ආ හිටපු ජනපති මහින්ද - මහින්ද ඉදිරියේ වෙස් නටපු හැටි
02:08
Video thumbnail
කරන්න බැරිනම් යන්න..මෙච්චර වලවල් වෙලේවත් නෑ - ලෙඩ්ඩු අරන් යන්න බෑ..මඟට යද්දි ලෙඩා මැ#ලා
08:13
Video thumbnail
පොලිසිය පාරට බැහැලා අමතර උපාංග සවිකළ වාහන සේරම අල්ලයි - මොනවද මේ පැති කණ්නාඩි?
03:18
Video thumbnail
කතරගම මහ පෙරහැර බලන්න ආපු මහින්ද රාජපක්ෂගේ නෙත් මානයේ ඉඳන් වෙස් නටපු හැටි
00:41
Video thumbnail
රටක් දියුණු වෙයිද මෙහෙම මිනිස්සු ඉන්නකල්...
00:19