මීගමුවේ වෙඩි තැබීමට වෙඩික්කරුවන් ආ යතුරුපැදිය හමුවෙයි (ඡායාරූප)

මීගමුව, ගල්කන්ද හංදිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය සොයාගෙන තිබෙනවා.

කටුනායක, අමන්දොළුව, අලුත්හේන පාරේ අතුරු මාර්ගයක දමා ගොස් තිබිය දී අද (11) පෙරවරුවේ මෙම යතුරුපැදිය සොයාගත් බවයි මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සඳහන් කළේ.

මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ “නීරෝ “නැමැති පොලිස් නිල සුනඛයා යොදාගෙන යතුරුපැදිය සොයාගත් ස්ථානයේ අවට විමර්ශන කටයුතු සිදුකර ඇති අතර, යතුරුපැදියේ තිබූ ඇඟිලි සළකුණු ඇසුරෙන් ද විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.

සොයාගත් යතුරුපැදියේ තිබී වෙඩික්කරුවන් භාවිත කළ බවට සැකකෙරෙන ජැකට් සහ හෙල්මට් ද සොයාගෙන ඇති අතර,
මෙම යතුරුපැදියේ චැසි අංක වෙනස් කර, ව්‍යාජ අංක තහඩු සවිකර ඇති බව ද පොලිසිය විසින් අනාවරණයකර ගෙන තිබෙනවා.

ඊයේ (10) පස්වරුවේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් මීගමුව, කුරණ ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක් ඝාතනය ලක් වුණා.

‘රෙක්ස් සල්ගාදු’ නැමැති මෙම පුද්ගලයා මීට වසර කිහිපයකට පෙර සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

20240211 110827 scaled
20240211 111312 scaled
20240211 110650 scaled