spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මි ගවයන් මරා මස් කර අලෙවි කිරිමේ ජාවාරමක් හෙලි වෙයි

මස් පිණිස මි ගවයන් ඝාතනය කර අලෙවි කිරිමේ ජාවාරමක නිරත වු සැකකරුවන් දෙදෙනෙක් (27) දින ගම්පොල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ

මහනුවර අකුරණ ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනා මහනුවර ප්‍රදේශයෙන් කුලි පදනම මත ලබාගත් අධි සුපෝගභෝගි කාර් රථයකින් (26) දින නාවලපිටිය ප්‍රදේශයට පැමිණ නාවලපිටිය හපුගස්තලාව පුඩළුඔය මාර්ගය අසල පිහිටි රක්ෂිතයේ සැරිසරමින් සිටි මි ගවයෙකු ඝාතනය කර මස් කර අලෙවි කිරිම සදහා රැගෙන යමින් සිටියදි සැකකරුවන් සහ මස් තොගය අත්අඩංගුවට ගෙන ඇත.

ගම්පොල පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙණ නිලධාරිවරයාට ලැබුණු බුද්ධි තොරතුරක් මත මෙම වැටලිම සිදු කර ඇති අතර
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්තාවේ කාර් රථය තුල ගව මස් කිලෝ 100 ක අධික ප්‍රමාණයක් තිබු බවයි වැටලිම සිදු කල නිලධාරින් කියා සිටියේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා , කාර් රථය සහ තොගය අධිකරණය වෙත ඉදිරිපත් කිරිම සදහා නාවලපිටිය පොලිසිය වෙත භාර දි ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?