මිහිඳුපුර මාරක අනතුරකින් දස දෙනෙකු රෝහලට

එප්පාවල – කැකිරාව ප්‍රධාන මාර්ගයේ ඇඳගල – මිහිඳුපුර ප්‍රදේශයේ බස් රථයක්, ලොරි රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී සිදු වූ රිය අනතුරකින් දස දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අද (28) පස්වරු 04ට පමණ මෙම අනතුර සිදු ව ඇත්තේ බස් රථයේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනයෙන් බවට අනතුර සියැසින් දුටු ප්‍රදේශවාසීන් පැවසූ බවයි.

ගල්නෑව සිට අනුරාධපුර බලා වේගයෙන් ධාවනය වූ බස් රථය, ඉදිරියෙන් ගමන් කළ වාහනයක් ඉස්සර කිරීමට යාමේ දී, මුහුණට මුහුණ පැමිණෙමින් තිබූ බොලෙරෝ වර්ගයේ ලොරි රථයේ ගැටී තිබෙනවා.

ඒ සමග ලොරි රථයට පිටුපසින් පැමිණි ස්කූටර් වර්ගයේ යතුරුපැදියේ ද එය ගැටී මෙම අනතුර සිදු වුණා.

අනතුරින් බස් රථයට, ලොරි රථයට මෙන්ම යතුරුපැදියට ද දැඩි අලාභ හානි සිදු ව ඇති බවත් වාර්තා වනවා.

එප්පාවල, අලුත්වැව ප්‍රදේශයේ පැවති අවමංගල්‍යය උත්සවයකට පැමිණ, එප්පාවල ආදාහනාගාරයේ දී අවමංගල්‍යයේ අවසන් කටයුතු සිදු කර මැදිරිගිරිය ප්‍රදේශයට යමින් සිටි පිරිසක් ලොරි රථයේ ගමන් කරමින් සිට තිබෙනවා.

අනතුරින් ලොරි රථයේ ගමන් කළ පිරිසෙන් 09 දෙනෙකු හා යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයකු තුවාල ලබා එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ අතර, ඉන් සිව් දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යැවුණා.

අනතුර සිදු වූ පසු බස් රථයේ රියදුරු හා කොන්දොස්තර එම ස්ථානයෙන් පලා ගොස් එප්පාවල පොලිස් ස්ථානයට භාර වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38