මිහින්තලේ ආරක්ෂාව ඉවත් කිරීම ද්‍රෝහී ක්‍රියාවක් – විපක්ෂ නායක කියයි

එතිහාසික මිහින්තලේ පුදබිමට ලබාදුන් ආරක්ෂාව ඉවත් කිරීම ජනවරමක් නොමැති වත්මන් අණ්ඩුව සිදුකළ ද්‍රෝහී ක්‍රියාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

එමගින් රටේ උත්තරීතර ව්‍යවස්ථාවෙන් පවා සනාථ කර ඇති සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ, ප්‍රවර්ධනය කිරීමේ සහ සුරක්ෂිත කිරීමේ වගකීම උල්ලංඝනය කිරීමට වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කටයුතු කර ඇති බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

අද (3) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු කියාසිටියේ මිහින්තලේ පුදබිමේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක අංශ පැය 24ක් ඇතුළත ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබීම පිළිබඳ කනගාටුව පළ කරන බවයි.

එසේ ආරක්ෂාව ඉවත් කිරීම තුළින් එහි ඇති ඓතිහාසික වටිනාකමක් සහිත පුරාවස්තු, සොරුන්ට නිරාවරණය වන බව ද ඔහු සඳහන් කළා.

මෙම පුදබිමට ලබාදුන් ආරක්ෂාව ඉවත් කිරීම මැර ක්‍රියාවක් ලෙස හඳුන්වන බවත් එයට හේතුව එසේ ආරක්ෂාව ඉවත් කිරීම තුළින් එහි ඇති පුරාවස්තු, සොරුන්ට නිරාවරණය වන බවයි විපක්ෂ නායකවරයා කියාසිටියේ.

ඓතිහාසික මිහින්තලා පුදබිමෙහි ආරක්ෂාව සහ සංවර්ධනය වෙනුවෙන් යොදවා ඇති ත්‍රිවිධ හමුදාව ඉවත් කිරීමට කටයුතු කිරීම බෞද්ධාගම නොසලකා හැරීමක් බවයි විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් පවසන්නේ.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙරට බුද්ධාගම ආරම්භ වූ මිහින්තලය පුදබිම රජය විසින් නොසලකා හැරීමට කටයුතු කරනු ලබන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ද නැතිනම් රටේ ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට විරුද්ධව සිදු කළ ප්‍රකාශ නිසා ද යන්න ජනතාවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කරන ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින බවයි.

අද මිහින්තලා පුදබිමේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් නායක කියා සිටියේ මේ වන විට ධාතු මන්දිරය ඇතුළු ගොඩනැගිලි සංවර්ධනය නාවික හමුදාව, යුධ හමුදාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෙබළුන් විසින් සිදුකරමින් පවතින මොහොතක එම කටයුතුවලින් එම ආරක්ෂක අංශ ඉවත් කිරීම තුලින් රජය සිදුකරනුයේ බෞද්ධ ආගම නොසලකා හැරීමක් බව ද නායක හිමියන් පවසනවා.

මිහින්තලා පුද බිමෙහි යොදවා ඇති ආරක්ෂක අංශ ඉවත් කිරීම සම්බන්ධයෙන් සහ ඊට නියෝග ලබා දුන් පුද්ගලයන් කවුද යන්න සහ මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම්දීමක් සිදු කරන ලෙසත් වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින බවයි නායක හිමියන් කියාසිටියේ.

ඓතිහාසික මිහින්තලා පුදබිමේ ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා යොදවා තිබුණේ යුද හා නාවික හමුදාව ඇතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් පිරිසක්.

කිසිදු දැනුම් දැනුම් දීමකින් තොරව මෙම සෙබළුන් ඉවත් කිරීම පිළිබඳව ඓතිහාසික මිහින්තලා රජ මහා විහාරස්ථානයේ ආරක්ෂාව පිළිබඳව පැන නැගෙනුයේ විශාල ගැටළුවක් බවයි නා හිමියන් අවධාරණය කරන්නේ.

මිහින්තලා පුද බිමේ පිහිටි ධාතු මන්දිරයේ ඉදිරි දොරටුව ගලවා ඉවත් කිරීමෙන් පසු,එහි සේවය කළ සෙබළුන් ඉවත් වීම නිසා මහ රහතන් වහන්සේලාගේ ධාතුන්, භෂ්මාවශේෂ, රනින් නිම කරන ලද සතර වරම් දෙවියන්ගේ ප්‍රතිමා, පෙරදා මිහිඳු මහරහතන් වහන්සේ පුද පූජා පැවැත් වූ ස්වර්ණමය බුද්ධ ප්‍රතිමාව, කිලෝ සියයකට අධික බරකින් යුත් පස් ලෝ ප්‍රතිමා කිහිපයකද ආරක්ෂාව නැති වී ඇති බව නා හිමියන් පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27