මිසිස් වර්ල්ඩ් කිරුළ මං දිනලා තිබුනෙ – එයා ඇවිත් ලන්ච් එකින් පස්සෙ ඔක්කොම වෙනස් කරා

නැවත ආන්දෝලනයක් ඇති කර තිබෙන පුෂ්පිකා ද සිල්වා විවාහක රූ රැජිනිය පසුගිය සතියේ චමුදිතගේ යූටියුබ් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට පැමිණියාය. එහිදී ඇමරිකානු තරගයේදී 4 වැනියා ලෙස ඇය සමර්ථය ලැබීම ගැන ඇයගේ අදහස් දක්වා තිබුණි. ඇය පවසන්නේ ඇමරිකානු තරගයේ 4 නොව 1 වන තැන එනම් ජයග්‍රාහිකාව වූයේ තමා බවයි.  නමුත් ලංකාවෙන් ගිය එක් අයෙකුගේ කීමකට සියල්ල කණපිට හැරුණ බවත් ඇයට කිරුළ අහිමිව ගිය බවත් කියයි. මෙම සාකච්ඡාවේ අවස්ථා කිහිපයක් මෙහි දැක්වෙනවා.

ඇමරිකාවේ ලාස් වේගාස් නුවරදී අවසන් වුණා ලෝක විවාහක රූ රැජින තරඟවාලිය. අපි බොහොමත්ම බලපොරොත්තු තබා හිටියා මේ රූ රැජින කිරුළ පිළිබඳව.මේ  රූ රැජින කිරුළෙන් අපට හමුබ වු‍ණේ සිව්වන ස්ථානය. පුෂ්පිකා ද සිල්වා අද මා සමඟ සිටින්නෙ.අපි හිතුවා ඔබ කිරුළ ලංකාවට අරන් ඒවී කියලා?

ඇත්තටම මුලින්ම කියන්න ඕනේ බොහොම ස්තුතියි මට ආරධනා කරපු එකට . මම මේ හතරවැනි වතාවට තමයි මගේ රට නියෝජනය කරන්න ගියේ. ගොඩක් අභියෝග මැද්දේ ගියේ. අවසන් හයදෙනාට අතරට තමයි මට තේරී පත් වෙන්න අවසථාව උදා වුනේ.  

මෙතන එහෙම නම් ඇයි  පුෂ්පිකා තනිකරම බොරුවක් කලා , ලොකේම ඇන්ඳුවා. හතරවැනි ස්ථානයට පත්වුනා කියලා ඇයි එහෙම කිව්වේ? ඇයි එහෙම නම් ඔබ ෆෙස්බුක් එකේ එහෙම දැම්මේ?

ඒක ගැන මම විශේෂයෙන් කතා කරන්න ඕනේ. මගේ ජිවිතේ මම ගොඩක් ගරු කරපු කෙනෙකු තමයි.  මම ගරු කරපු චරිතයක් හැටියට අවසාන දවස් දෙකේදී  ඒ කියන්නේ ජනවාරි 13 වැනිදා තමයි ඇය අපට සහයෝගය දක්වන්න කියලා ආවේ.

ඇත්තටම ඇයි ඇය ගියේ ?ඇයට මොකද්ද තිබුණ ආරධනාව?

ඇත්තටම ඇයට ආරධනා කරලා තිබුණෙ නැහැ.

එතකොට කවුද අරගෙන ගියේ ඇයව?කවුද ඇයගේ වියදම් දැරුවේ?

වියදම් දැරුවේ ඇත්තටම මම. මගේ පුද්ගලික සල්ලි වලින් මම Business Class ticket එකක් ලක්ෂ 12ක් දීලා තමයි මම ඇයට අරන් දුන්නේ.

එතකොට ඇය හිටිය හෝටල් ගාස්තු?

ඒ ඔක්කොම මම තමයි ලක්ෂ 20ක් මම හෝටෙල් වියදම් ඔක්කොම කලා.

සම්පූර්ණ වීඩියෝව මෙතනින් බලන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16