මිස් ශ්‍රී ලංකා වුණු ඉංග්‍රීසි කෙල්ල

‘මිස් ශ්‍රී ලංකා‘ රූ රැජින තරගාවලියේ අවසන් අදියර කොළඹ හිල්ටන් හෝටලයේදී පසුගියදා පැවැත්වුණා.

ඒ පෙටෝ රිකා හි පැවැත්වෙන ‘2021 ලෝක රූ රැජින තරගාවලිය‘ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන යුවතිය තේරීම සඳහාය.

මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ භාග්‍ය හිමිවූයේ ෂාඩේ ග්‍රීන්වුඩ් හටයි.

ඇය වයස අවුරුදු දහ අටක් වන එංගලන්ත සම්භවයක් සහිත ශ්‍රී ලාංකික යුවතියකි.

ෂාඩේගේ පියා බ්‍රිතාන්‍ය සහ ජර්මානු සම්භවයක් සහිත අයෙකි. එමෙන්ම, ඇයගේ මව ශ්‍රී ලන්කන් ගුවන් සේවය, එයාලංකා සහ එමිරේට්ස් ගුවන් සේවයේ රාජකාරි කළ ශ්‍රී ලංකික කාන්තාවක් වන සමන්තා ගෝමස් ය.

වයස අවුරුදු දාහතරේදී නිරූපණ ක්ෂේත්‍රයේ අත්පොත් තබන ෂාඩේ සිය උසස් අධ්‍යාපනය සඳහා තෝරාගන්නේ ජපානයේ ටෝකියෝ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයයි. එහි ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධිය හදාරමින් සිටින ඇයට ‘මිස් ශ්‍රී ලංකා‘ තරගාවලිය සඳහා අයැදුම් කිරීමට උනන්දු කරන්නේ ෂාඩේගේ හොඳම මිතුරිය වන දිනුරි ය.

මිතුරියගේ සහ පවුලේ මඟ පෙන්වීමෙන් මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ මෙන්ම ‘මිස් ශ්‍රී ලංකා‘ තරගාවලියේද සාර්ථක තැනැත්තියක් වීමට හැකිවූ බව ඈ කියන්නීය. සුන්දර සිනහවකට හිමිකම් කියන මේ රූමතිය සැබැවින්ම සත්ත්ව ප්‍රේමියෙකි. තමන්ට ඉඩක් ලැබුණු ඕනෑම වේලාවක ඈ දිවයන්නේ සත්ත්ව අයිතීන් වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයක ස්වේච්ඡා සේවයේ යෙදීමටයි. එපමණක් නොව, සාගරය ආරක්ෂා කිරීමේ වෙහෙසකර වෑයමකද ඈ නිරතවෙමින් සිටින්නීය.

අද ඇයගේ එකම බලාපොරොත්තුව වී ඇත්තේ ජාත්‍යන්තර වේදිකාවක ශ්‍රී ලංකාවේ නාමය නොමැකෙන සේ සනිටුහන් කිරීමටයි.

මම ඇත්තටම සතුටු වෙනවා ‘මිස් ශ්‍රී ලංකා‘ කිරුළ මගේ හිසේ පලඳින්නට හැකිවීම ගැන. කුඩා කාලෙදිත් මට හිතුණා මේ ලෝකය වෙනස් කරන්න පුංචි මටත් පුළුවන් වේවි කියලා. ඇත්තටම, අද මම ඒ අභියෝගය භාරගෙන එය සාර්ථකව නිමකරලා තියෙනවා. දැන් මට අවශ්‍ය වෙන්නේ මගේ රට මගේ ජනතාව වෙනුවෙන් මගේ යුතුකම ඉටුකරන්නයි. ඒ වෙනුවෙන් මම වෙහෙසෙනවා. මහන්සිවෙලා වැඩ කරනවා. කවදාහරි මට ඕනේ ජාත්‍යන්තර වේදිකාවක මගේ රට නියෝජනය කරන්නයි. අද මම ඒ ඉලක්කයත් ජය ගෙන තියෙනවා. දැන් මේ දෙසැම්බරයේ පෝටෝ රිකෝවල තියෙන ‘2021 ලෝක රූ රැජින‘ තරගයට සහභාගී වෙලා මගේ රටට කීර්තියක් ලබා දීම තමයි මගේ ඊළඟ බලාපොරොත්තුව වෙන්නේ.” කියා ඈ කියන්නීය.
ෂාඩේ ග්‍රීන්වුඩ්ගේ මේ සොඳුරු බලාපොරොත්තුව ඉටුකර ගැනීමටත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේදී ගෞරවයක් අත්කර දීමටත් ඇයට හැකිවේවායි කියා අපිත් සුබ පතන්නෙමු.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
00:00
Video thumbnail
කුරුවිට බන්ධනාගාරය නිරීක්ෂණයට ඩ්‍රෝන යානාත් යොදවයි - ආරක්ෂාව තර කරයි
03:40
Video thumbnail
"අපිව පන්නනවා සර්.. අනේ දරුවන්ට මොකද වුණේ කියන්න"
00:45
Video thumbnail
"එකම ඉල්ලීමයි කරන්නේ.. අපේ දරුවෝ නිදහස් කරගන්න රස පරීක්ෂක වාර්තා එවන්න.."
00:55
Video thumbnail
තව ඇතුළේ වෙ# තියනවා - අම්මගේ අදෝනාව ඇහෙන්නේ නැද්ද ?..මේ මි#මරු JVP ආණ්ඩුව අපිට එපා
02:53
Video thumbnail
චමින්ද විජේසිරි බන්ධනාගාර වෑන් රථයෙන් පාර්ලිමේන්තුවට ආ හැටි
00:50
Video thumbnail
සිර දඬුවම් නියම වූ සජබ මන්ත්‍රී චමින්ද පාර්ලිමේන්තුවට ආ හැටි
01:19
Video thumbnail
STF ඇතුළු ආරක්ෂක අංශ පල්ලන්සේන බන්ධනාගාරය තුළට - රැඳවියන් හතර අතේ දුවයි
01:19
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ ඇතුලත බලය STF සහ පොලිසිය අතට ගනී...
00:43
Video thumbnail
විපක්ෂ නායක හදිසියේම උතුරු නැගෙනහිර පා.මන්ත්‍රීවරුන් හමුවෙයි
01:17