spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කලු පැහැති සම ලෝකයක් ඉදිරියේ බබලවන්නට සැරසෙන ලාංකික රූමතිය – Exclusive

කලු කියන්නේ සමහරු කැමති නැතිවුණාට ලස්සන පාටක්.
අපි මේ කියන්න යන්නේ කලු පැහැයෙන් අපේ රට ලෝකයක් ඉදිරියේ බබලවන්න යන තරුණියක් ගැනයි.
ඇය තමයි මිස් බ්ලැක් බෙල්ජියම් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වෙන Greshani Troffaes.
අපි ඇයත් සමග මේ විදිහට සුහද පිළිසදරක යෙදුනා..

ශ්‍රී ලාංකික තරුණියක් වන ඔබ මිස් බ්ලැක් බෙල්ජියම් තරගාවලියට අයදුම් කළේ කොහොමද? අයදුම්පත දැම්මේ ඔබමද?

මිස් බ්ලැක් බෙල්ජියම් 2022 තරගයට සහභාගී වීම ඇත්තටම අහඹු සිදුවීමක්.
මේ කන්ටෙස්ට් එක ගැන ෆේස්බුක් එකෙන් තමයි මුලින්ම දැක්කේ.
ඉන් පස්සේ ඒ ගැන විස්තර හොයලා අයදුම්පතක් යොමු කළා. ඡායාරූපයක් හරහා මුල් වටයට සහභාගී වුණා. බෘසෙල්ස් නුවරයි මුල් වටය පැවැත්වුණේ
මගේ ජීවිතේ තිබුන ආශාවක් තමයි ශ්‍රී ලංකාව වෙනුවෙන් පැජන්ට් එකකට පෙනී ඉන්න එක.
මේ තරගය හරහා මට ඒ අවස්ථාවත් ලැබුන එක සතුටක්.

ඔබේ පවුලේ විස්තර මොනවාද? ළමා කාලය ගෙවුනේ කොහොමද? පාසල් ගියේ කොහෙද?
මගේ අම්මා විශ්‍රාමික බැංකු කළමණාකාරිනියක්. තාත්තා ව්‍යාපාරිකයෙක් සහ මගේ එකම අයියා ගුරුවරයෙක් වගේම මනෝවෛද්‍යයවරයෙක්. ඔහු විවාහකයි.
ළමාකාලය ගතවුණේ ගාල්ල ප්‍රදේශයේ. මගේ පවුලේ අයත් එක්ක.පාසල් ගියේ ගල්ල සවුත්ලන්ඩ් බාලිකාවට.
උසස්පෙළින් මට සම්පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබුනා වියට්නාමයේ හැනොයි විශ්ව විද්‍යාලයට වානිජ අංශයෙන්.
මම වසර පහක් වියට්නාමයේ ගුරුවරියක් විදිහටත් සේවය කලා.

ඔබට බෙල්ජියම්වලට එන්න අවස්ථාව උදාවන්නේ කොහොමද? ශ්‍රී ලන්කාවත් සමග සසදනවිට බෙල්ජියම්වල ගතකරන ජීවිතය මොන වගේද ඔබට දැනෙන්නේ? වඩා කැමති ලංකාවටද? බෙල්ජියමටද?

බෙල්ජියමට එන්න අවස්ථාව උදාවන්නෙත් හරිම අහම්බෙන්.

ඒක වෙන්නේ මම වියට්නාමයේ වෙනත් පලාතක සංචාරයේ නිරතවන අවස්ථාවක.

මගේ පෙම්වතා මට මුනගැහෙන්නේ ඒ ගමනේ දී.

ඔහු ඔහුගේ යහලුවන් සමග නිවාඩුවකට පැමිනිලා අහඹු සිදුවීම් පෙලකින් අපි මුණ ගැහිලා අවසානයේ තමයි මම බෙල්ජියමේ ස්ථිර පදිංචියට එන්නේ.
මීට පෙරත් මම සංචාරයට ඇවිලා තියනවා.මගේ ඥාතීන් ප්‍රංශය සහ පැරීසියේ පදිංචි නිසා ඒ අය එක්ක කාලය ගත කරන්න ඇවිල්ලා තියනවා.ජීවත් වෙන්න ඉතා සුදුසු සාමකාමි රටක් බෙල්ජියම.

සංසන්දනය කරන්න කිව්වොත් ඉතින් කොහොමත් මගේ මුල් තියෙන්නේ ලංකාවේ.මම ලංකාවට ආදරෙයි.ලංකාවට විතරක් නෙමෙයි ලංකාව වියට්නාමය බෙල්ජියම තුනටම ආදරෙයි.

තරගාවලියට තියෙන සූදානම මොන වගේද දැන්? ඔබට උදවු කරන අය කවුද?
ඇත්තටම ලොකු සූදානමක් තියනවා.පබ්ලික් වෝට් දැනටමත් ඕපන් කරලා තියෙන්නේ.හැම සති අන්තයකම පුහුණුවීම තියෙනවා.අවසන් තරගයට සූදානම් වෙනවා.
ගොසිප් ලංකා නිව්ස් ටීම් එක සහ මාධ්‍යවේදියා ටීම් එකත් මම මතක් කරනවා.මට ලංකාවේ ආදරණීය හිතවතුන්ගෙන් පබ්ලික් වෝට් ගන්න මම උදව් කරන ලංකාවේ ලොකුම පේජ් එක. ඒ වගේම මේ තරගාවලිය සංවිධානය කරන ඩබල් විශන් කම්පැනි එකත් මතක් කරන්න ඕනේ.

මීට කලින් ඔබ මෙවැනි තරගාවලි සදහා සහභාගී වෙලා තියෙනවද? වෙනත් විශේෂ දක්ෂතාවලින් හරි ජයග්‍රහන ලබාගෙන තියෙනවද?

නැහැ , මේ මගේ ප්‍රථම තරඟාවලිය.

මේ තරගාවලියට ගෙදරින් ලැබෙන සහයෝගය මොන වගේද? ?
ගෙදරින් ලොකු සහයක් ලැබෙනවා.ඇත්තටම එයාලා දැන් මටත් වඩා මේක ගැන උනන්දුයි කිව්වොත් හරියටම හරි.

ඔබ තරගවවදින්නේ මිස් බ්ලැක් ටයිටල් එකට,ඇත්තටම කලු පැහැති සමක් තියෙන කාන්තාවන්ට සමජයේ තියෙන පිලිගැනීම , ආකර්ශනය අඩුද?
කවුරු මොනවා කිව්වත් අත්දැකීමෙන් කියන්නේ “ඔව්” සමේ පැහැය අඩු අයට ආකර්ශනය අඩුයි.
හොදට බැලුවොත් දිනපතා අපිට ඇහෙන්න සුදුයි ලස්සනයි කියන වචන.
සමේ පැහැය අඩු කෙනෙක්ට කියන්නේ “කළුයි හැබැයි ලස්සනයි” කියලා.ඇයි ඒ “හැබැයි” කියලා කියන්නේ ….?
මම මේ බ්ලැක් බෙල්ජියම් ටයිට්ල් එකට යන්න එක හේතුවක් ඕක.ලංකාවේ බහුතරයක් හිතාගෙන ඉන්නේ “කලු කියන්නේ කැත” කියලා.පාසල් කාලයේදී මමත් ගොඩක් තැන්වල අපහසුතාවයට පත් වුණා. මම විතරක් නෙමෙයි මගේ අම්මත් මේ නිසා සමහර තැන්වල දී සෑහෙන්න සිත් රිදීම් වලට නතු වුණා.
මේ ලෝකයේ හැමෝම එකම කලර් ස්ටෑන්ඩර්ඩ් එකකට උපදින්නේ නෑ.අපි මේ ලෝකේ තියන ලස්සන ගැන මනින හැම පැරා මීටර් එකක්ම ෆිල් කරන්න ඔනේ නැහැ.
හැමෝම ලස්සනයි.අපි අපේ ලස්සනට ගැන කන්ෆිඩන්ට් වෙන්නයි ඕනේ.
අපි අපි ගැනම කන්ෆිඩන්ට් වෙන්නයි ඕනේ.අන්න එතකොය ඔයාට නියම ලස්සන පෙනේවි.

ඔබ දකින්න ඇති මේ දවස්වල ලංකාවේ රූප රාජිනියෝ කිරුළ බෙදාගන්න බැරිව එක එක ප්‍රශ්න දාගෙන ලෝකයා ඉදිරියේ ලන්කාව හැල්ලුවට ලක්කරනවා.රූප රාජිනි තරගාවලියකට ඉදිරිපත්වෙන ඔබ මෙය දකින්නේ කොහොමද? ඔබෙනුත් එවැනි හැසීරීමක් දකින්න වෙයිද?

රූප රාජිනියක් වෙන්න බාහිර වගේම අභ්‍යන්තර සුන්දර බවත් අනිවාර්ය දෙයක්..කිරුළක් බෙදාගන්න බැරිව, මුළු ලෝකයක් ඉදිරියේ මගේ රට විහිළුවට ලක් කරන්න කිසිම උවමනාවක් නෑ.ජයග්‍රහණය කළා හෝ නොකළා මගේ ප්‍රයත්නය (මගේ රට) ශ්‍රී ලංකා නාමය මේ බෙල්ජියම් රටේ තියන්න, මගේ පුංචි රටට value එකක් දෙන්න.
මම බෞද්ධයෙක්, බෞද්ධ පරිසරයක් තුළ හැදී වැඩුණු මට උපේක්ෂාවෙන් දරා ගන්න හැකියාවක් තියෙනවා.ඒ නිසා ග්‍රෙෂානිගෙන් එවැනි හැසිරීමක් මතු වෙන්නේ නෑ.

ඔබ රැකියාවක් කරනවද? අධයාපනය ලබනවද?
මම මේ මොහොතේ වැඩිදුර අධ්‍යාපන කටයුතු වල නිරත වෙනවා සහ ප්‍රංශ භාෂාව ප්‍රගුණ කරමින් සිටිනවා.

ඔබ ඔබේ ෆේස්බුක් ගිනුමේ ලංකාවේ වර්තමානයේ පවතින අර්බුදකාරි තත්වය විවේචනය වන අන්දමේ පෝස්ට් එහෙම ශෙයාර් කරනවා අපි දකිනවා.ඇත්තටම ලන්කාවේ වත්මන් දේශපාලන වාතාවරනය ගැන ඔබේ අදහස මොකක්ද?

අවුරුදු 19 සිටම මම ජීවත්වුනේ රටින් පිට.ලංකාවේ වෙන දේවල් දැක්කම ඇත්තටම දුකක් කණගාටුවක් තියනවා.
යුරෝපය හෝ අන් රටක එක්ක බලද්දි ලංකාවේ අපි පව්.දේශපාලන පක්ශ නම් නැහැ.ඒත් අහපු දේට උත්තරයක් දුන්නොත් මම පොලිටිකට් මීම්ස් ශෙයා කරනවා.
ලංකාවේ දේශපාලනය කරන එක කාලය නාස්ති කිරීමක්.

ඔබ පෙම්වතියක්ද? පෙම්වතියක්නම්,ඔබේ පෙම්වතාගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
ඔව් මම විවාහ ගිවිසගෙන ඉන්නේ විදේශිකයෙකු සමග.
ඔහු තමයි මේ හැමදේටම සෙවනැල්ලක් වගේ ඉදන් උදව් කරන්නේ.හරිම සතුටුයි ඒ තරම් සපෝර්ට් එකක් තේරුම් ගැනීමක් තියන කෙනෙක් එක්ක ජීවිතය ගත කරන්න ලැබුනු එක.

මෙම තරගාවලිය ජයග්‍රහනය කලොත් ඔබ ඉදිරියේදී සමාජය වෙනුවෙන් ලංකාව වෙනුවෙන් කරන්නට බලාපොරොත්තු වෙන දේවල් මොනවාද?
මම මගේ වැඩසටහන ඉදිරියට ගෙනියන්න කැමති.
මෙම තරගය ජයග්‍රහනය කරන්න අවස්ථාවක් ලැබුනොත් සංවිධායක මණ්ඩලය විසින් අවුරුද්දක් පුරාවට සමාජ සේවා ක්‍රියාවලියක් කරන්න උපකාර කරනව.මම් ඒ ක්‍රියාව ශ්‍රී ලංකාවේ කරන්න බලාපොරොත්තු වෙනවා.

අවසාන වශයෙන් ඔබට මෙම තරගාවලිය ජයග්‍රහනය කරන්න ශ්‍රී ලාංකික ජනතාවගේ සහයෝගය ලබාදිය යුතු ආකාරයත් මතක් කරමු.
තරගය ජයග්‍රහනය කරන්න සුදුසුකම් කිහිපයක් තිබෙනවා.පබ්ලික් වෝට්ස් එයින් එකක්.ලංකාවේ මගේ සහෝදර සහෝදරියන්ට පුලුවන් පේජ් එකට ගිහින් මගේ අංකය අංක 05 , අංක 05 ෆොටෝ එකට ලයික් එකක් ලබා දීලා උදව් කරන්න.
මේ අවස්ථාව අප්‍රේල් 29 වෙනකම් තියනවා.

ඒ වගේම මම ස්තූතීවන්ත වෙනවා ගොසිප් ලංකා නිව්ස් කණ්ඩායමට සහ මාධ්‍යවේදියා කණ්ඩායමට. ලංකාව නියෝජනය කරන මම වෙනුවෙන් මාධ්‍ය අනුග්‍රහය ලබාදීම සම්බන්ධයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?