මිශ්‍ර වනාන්තර වැඩි කාබන් ප්‍රමාණයක් ගබඩා කරන බව පර්යේෂණයකින් අනාවරණය වෙයි

ගෝලීය උණුසුම අඩු කිරීමේ ක්‍රියාවලියක් වන කාබන් වෙන් කිරීම සඳහා වනාන්තර අත්‍යවශ්‍ය වන සාධකයක්.

නමුත් කාබන් ගබඩා කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ගත් කළ, සියලුම වනාන්තර සමානව නිර්මාණය නොවනු ඇති.

මෑත කාලීන අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ විවිධ ගස් විශේෂ කිහිපයක් සහිත මිශ්‍ර වනාන්තර, එක් ගස් විශේෂයක් පමණක් ඇති වනාන්තරවලට වඩා බොහෝ කාබන් අවශෝෂණය කරන බවයි.

ෆ්‍රීබර්ග් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් විසින් මෙහෙයවන ලද මෙම අධ්‍යයනයෙන්, මිශ්‍ර වනාන්තර කාබන් හුදකලා කිරීමේ දී වඩාත් ඵලදායී වන බවට ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කරන අතර එමගින් දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ ප්‍රධාන අවියක් නියෝජනය කරන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම පර්යේෂණය 2001 දී පිහිටුවන ලද පැනමාවේ සාඩිනිලා අත්හදා බැලීමේ දත්ත මත අවධානය යොමු කළ අතර එය ලොව දීර්ඝතම නිවර්තන ගස් විවිධත්ව අත්හදා බැලීම ලෙසයි සැලකෙන්නේ.

විශේෂඥයින් සොයා ගත්තේ ගස් විශේෂ පහක් ඇති වනාන්තර, එක් විශේෂයක් පමණක් ඇති වනාන්තරවලට වඩා, පොළොවට ඉහළින් සැලකිය යුතු ලෙස ඉහළ කාබන් සංචිත ඇති කරවන බවයි.

ඒකීය වගාවන් හා සසඳන විට මිශ්‍ර වනාන්තර, ගස් ජෛව ස්කන්ධයෙන් 57%කට වැඩි කාබන් ප්‍රමාණයක් අල්ලා ගන්නා බව ද හෙළි ව තිබෙනවා.

විවිධ ගස් විශේෂ සිටුවීමෙන් වැඩි කාබන් ගබඩා කිරීමක් සිදුවන බව මෙයින් සනාථ වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15