මිල වැඩි නොකළොත් තෙල් සීමා කරයි

ඉන්ධන මිල වැඩි කිරීමට අවසර ලබා නොදෙන්නේ නම් විදුලි බලාගාර, දුම්රිය, මගී බස් රථ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ඉන්ධන ලබාදීමට ඉදිරියේදී තීරණයක් ගැනීමට සිදුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.

මේ වනවිටත් සංස්ථාවේ දෛනික අලාභය රුපියල් කෝටි තුන්සිය හැට පහකට වැඩි බව සංස්ථා සභාපති සුමිත් විජේසිංහ කියා සිටියේය.

මෙම තත්ත්වය හමුවේ සංස්ථාවේ පෙබරවාරි මාසයේ අලාභය රුපියල් කෝටි එක්දහස් එකසියක් පමණ වන බවට අනුමාන කරන බව ඔහු පවසා සිටියේය. අරුණ කළ විමසුමකදී ඔහු පැවැසුවේ ඉන්ධන මිල ඉහළ නොදමන්නේ නම් ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් වෙනුවෙන් ගෙවීමට රුපියල් පවා එකතු කර ගැනීමට සංස්ථාවට නොහැකි වන බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ඔහු මෙසේද පැවසුවේය.

”ඉන්ධන මිල ඉහළ නැගීම සඳහා වන යෝජනාව බලශක්ති ඇමැති උදය ගම්මන්පිලට අපි දෙනවා. දැනට සංස්ථාව පෙට්‍රල් ලීටරයක් රුපියල් එකසිය හැත්තෑ හතකට විකුණන්නේ නමුත් අපි යෝජනා කළේ රුපියල් එකසිය අනූදෙක දක්වා එය වැඩි කරන්න කියලා. ඩීසල් ලීටරයක් දැනට අලෙවි වන්නේ රුපියල් එකසිය විසි එකකට. එය රුපියල් එකසිය හැට නවයක් දක්වා ඉහළ නැංවිය යුතුයි. එහෙම නොකළොත් අපිට ආයතනයක් විදියට ඉදිරියට පවත්වාගෙන යන්නට අපහසුයි.

දැනට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග සංස්ථාව සතුව තියනවා. ඒ නිසා ජනතාව පෝලිම්වල සිට ඉන්ධන ලබාගන්න අවශ්‍ය නැහැ. ඉන්ධන ලබාගන්න මේ දිනවල විශාල පෝලිම් තියනවා කියලා මාධ්‍ය වාර්තා කළා. නමුත් එලෙස අවශ්‍යතාවක් නැහැ.”

මේ පිළිබඳව අප බලශක්ති ඇමැති උදය ගම්මන්පිලගෙන් විමසීමක් කළෙමු. එහිදී ඔහු පැවසුවේ සංස්ථාව ඉල්ලා සිටින සියලුම ඉල්ලීම් සාධාරණ බවය.

එහිදී ඇමැතිවරයා මෙසේද පවසා සිටියේය.

”සංස්ථාව ඉල්ලන දේවල් එක්ක අපිට කිසිම තර්කයක් නැහැ. මේ වෙලාවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉතිහාසගත විදියට ඉහළ ගිහින් තියෙන්නේ. මේ සම්බන්ධව මුදල් අමාත්‍යාංශයට අපි කරුණු වාර්තා කළා. නමුත් අමාත්‍යාංශයෙන් තවමත් පිළිතුරක් නැහැ. යම් හෙයකින් ඉන්ධන මිල වැඩි වුණොත් එය ලංකා ඉතිහාසයේ සිදුවූ ලොකුම ඉන්ධන මිල ඉහළ යාම වේවි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25