spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මිල කළ නොහැකි දේව දූත පිළිමයක් සොහොන් කොතෙන් අතුරුදන්

සොහොනක තැන්පත් කර තිබූ දේව දූත පිළිමයක් අතුරුදන් ව තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ මොරටුමුල්ල ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියකින්.

එහි සොහොන් කොතක තැන්පත් කර තිබූ කිරිරුඬ පිළිමයක් මෙලෙස අතුරුදන් ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් අද මොරටුමුල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

මොරටුව කඩලාන ශාන්ත අන්තෝනි දෙව්මැදුරට අයත් මෙම සුසාන භූමියේ පැරණි සොහොන් කොතක තැන්පත් කර තිබූ මිල කළ නොහැකි වටිනාකමකින් යුත් කිරිගරුඬවලින් සකස් කර ඇති දේව දූත රුවක් මෙලෙස අතුරුදන් ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව මොරටුමුල්ල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර; මෙය පෞරාණික වටිනාකමකින් යුත් කිරිගරුඬවලින් නිමවා ඇති පිළිමයක් නිසාවෙන් මෙය කවුරුන් හෝ ගලවා ගෙන ගොස් ඇතැයි සැක කරන බවට ද වාර්තා වනවා.

මළවුන්ට අයත් දෙයක් හෝ මේ වනවිට පරිස්සම් කරගැනීමේ නොහැකියාවක් රට තුළ හටගෙන ඇති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?