මිල කළ නොහැකි දේව දූත පිළිමයක් සොහොන් කොතෙන් අතුරුදන්

සොහොනක තැන්පත් කර තිබූ දේව දූත පිළිමයක් අතුරුදන් ව තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ මොරටුමුල්ල ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියකින්.

එහි සොහොන් කොතක තැන්පත් කර තිබූ කිරිරුඬ පිළිමයක් මෙලෙස අතුරුදන් ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් අද මොරටුමුල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

මොරටුව කඩලාන ශාන්ත අන්තෝනි දෙව්මැදුරට අයත් මෙම සුසාන භූමියේ පැරණි සොහොන් කොතක තැන්පත් කර තිබූ මිල කළ නොහැකි වටිනාකමකින් යුත් කිරිගරුඬවලින් සකස් කර ඇති දේව දූත රුවක් මෙලෙස අතුරුදන් ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව මොරටුමුල්ල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර; මෙය පෞරාණික වටිනාකමකින් යුත් කිරිගරුඬවලින් නිමවා ඇති පිළිමයක් නිසාවෙන් මෙය කවුරුන් හෝ ගලවා ගෙන ගොස් ඇතැයි සැක කරන බවට ද වාර්තා වනවා.

මළවුන්ට අයත් දෙයක් හෝ මේ වනවිට පරිස්සම් කරගැනීමේ නොහැකියාවක් රට තුළ හටගෙන ඇති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14