මිලියන 97ක කොකේන් සමඟ විදෙස් ජාතිකයෙක් අත්අඩංගුවට (ඡායාරූප)

රුපියල් මිලියන 97ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදෙස් ජාතිකයෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 66 හැවිරිදි බොස්නියානු ජාතිකයෙක්.

මොහු සිය ගමන් මල්ලේ පාද පිරිසිදු කිරීමට යොදාගන්නා බ්‍රස් 114ක් තුළ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 759ක් , සූක්ෂම ලෙස සඟවාගෙන රැගෙන විත් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකාර විදෙස් ජාතිකයා මත්ද්‍රව්‍ය තොගය රැගෙන කොලොම්බියාවෙන් ගමන් ආරම්භ කර කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබෙනවා.

අනතුරුව ඔහු එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරණ ගුවන් යානයෙන් අද (08) දින අලුයම 02.40ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයා සහ ඔහු රැගෙන ආ කොකේන් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.

1000365156
1000365154
1000365159


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ කඳුළු කතාව කාටවත් පේන්නේ නෑ..ඇහෙන්නේ නෑ - අනුන්ටම පිහිට වුණු ජීවිත අපි
12:24
Video thumbnail
මොරටුව ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති
01:29
Video thumbnail
අනේ ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට
01:21
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු
00:22
Video thumbnail
නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
00:40
Video thumbnail
මුළු පාරම වතුරෙන් වැහිලා ගිහින්
00:31
Video thumbnail
කළු ගඟේ ජලය බැසයාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්
00:33