මිලියන 77ක වාහන කොල්ලයේ සැකකරුවන් අල්ලයි

තෙල්දෙණිය, කෙන්ගල්ල ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි නියෝජිත ආයතනයකින් සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථ තුනක් සහ වෑන් රථයක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (29) අලුයම කෙන්ගල්ල ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි නියෝජිත ආයතනයක සේවකයින් දෙදෙනෙකුට තර්ජනය කර ගැට ගසා වාහන සොරාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් කොල්ලකන ලද ඩිෆෙන්ඩර් රථ 3 සහ වෑන් රථයේ වටිනාකම රුපියල් ලක්ෂ 770කට අධිකයි.

කොල්ලකෑම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ආරම්භ කළ පොලිසිය වත්තේගම, දෝරගමුව ප්‍රදේශයේදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

සොරකම් කරන ලද සුඛෝපභෝගී රථ දෙකක් සහ කොල්ලය සඳහා යොදාගත් ට්‍රක් රථයක් දොරගමුව ප්‍රදේශයේ නිවසක ගරාජයක තිබී පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ විමර්ශනයක දී නිට්ටඹුව පන්නිල ප්‍රදේශයේදී සොරකම් කරන ලද එක් ඩිෆෙන්ඩර් රථයක් සමඟ තවත් සැකකරුවෙකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 27, 32 සහ 34 යන වයස්වල පසුවන ගුන්නේපාන, දොරගමුව සහ රජවැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර නිට්ටඹුවේදී අත්අඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි වතුපිටිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුවන් අද තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර පසුගිය 26 වනදා බොරලැස්ගමුව ඇඹිල්ලවත්ත ප්‍රදේශයේ නිවසකින් මෝටර් රථයක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් නිවසේ ගරාජයේ නවතා තිබූ වැගන් ආර් මෝටර් රථයක් සොරකම් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කොල්ලකෑම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව සිදු කළ පොලිස් පරීක්ෂණවලදී එක් සැකකරුවෙකු හෝමාගම ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගැනීමට හැකිවුණා.

ප්‍රශ්න කිරීම්වලදී කොල්ලයට සහය වූ තවත් පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් හෝමාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී සොරාගත් මෝටර් රථය ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 31 සහ 34 යන වයස්වල පසුවන හෝමාගම සහ හොරණ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, කාන්තාව උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි කාන්තාවක්.

සැකකරුවන් අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33