spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මිලියන 41ක කේරළ ගංජා සමඟ 2ක් අත්අඩංගුවට

යාපනය වඩුකොඩ්ඩායි වෙරළ ප්‍රදේශයේදී අද සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 104ක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ ත්‍රීරෝද රථයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් උත්තර හා අග්බෝ ආයතන මඟිනුයි අද වඩුකොඩ්ඩායි වෙරළ ප්‍රදේශය අසල මාර්ගයක විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර ඇත්තේ.

එහිදී සැකකටයුතු ලෙස ධාවනය කරමින් තිබූ ත්‍රීරෝද රථයක් පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම කේරළ ගංජා තොගය හමුවී තිබෙනවා.

එම ත්‍රීරෝද රථයේ තිබී උර 3ක් තුළ පාර්සල් 20ක අසුරන ලද, කේරළ ගංජා කිලෝ කිලෝ 104ක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 41කට අධික බවටයි විශ්වාස කෙරෙන්නේ.

කේරළ ගංජා සමඟ නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 සහ40ක් වන මාදගල් සහ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඔවුන් දෙදෙනා කේරළ ගංජා තොගය සහ ත්‍රීරෝද රථයසමග ඉදිරි නීතිමය කටයුතු සඳහා වඩුකොඩ්ඩායි පොලිසිය වෙත භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?