මිලියන 41ක කේරළ ගංජා සමඟ 2ක් අත්අඩංගුවට

යාපනය වඩුකොඩ්ඩායි වෙරළ ප්‍රදේශයේදී අද සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 104ක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ ත්‍රීරෝද රථයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් උත්තර හා අග්බෝ ආයතන මඟිනුයි අද වඩුකොඩ්ඩායි වෙරළ ප්‍රදේශය අසල මාර්ගයක විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර ඇත්තේ.

එහිදී සැකකටයුතු ලෙස ධාවනය කරමින් තිබූ ත්‍රීරෝද රථයක් පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම කේරළ ගංජා තොගය හමුවී තිබෙනවා.

එම ත්‍රීරෝද රථයේ තිබී උර 3ක් තුළ පාර්සල් 20ක අසුරන ලද, කේරළ ගංජා කිලෝ කිලෝ 104ක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 41කට අධික බවටයි විශ්වාස කෙරෙන්නේ.

කේරළ ගංජා සමඟ නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 සහ40ක් වන මාදගල් සහ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඔවුන් දෙදෙනා කේරළ ගංජා තොගය සහ ත්‍රීරෝද රථයසමග ඉදිරි නීතිමය කටයුතු සඳහා වඩුකොඩ්ඩායි පොලිසිය වෙත භාරදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56