මිලියන 33ක කේරළ ගංජා යාපනයේදී අත්අඩංගුවට

නාවික හමුදාව, යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව යාපනය, වල්ලිපුරම් වෙරළ ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, ළඳු කැලෑවක සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 84කට අධික තොගයක් සිය භාරයට ගෙන තිබෙනවා.

උතුරු නාවික විධානයේ පේදුරුතුඩුව නාවික ස්ථානගතකිරීම, යුද හමුදා බුද්ධි අංශය (SLA MIC Staff) සහ නෙල්ලියඩි පොලිස් විශේෂ කාර්ය බලකාය එක්වයි ඊයේ (08) මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම සිදු කර ඇත්තේ.

එහිදී ළඳු කැලෑවක සඟවා තිබූ සැකකටයුතු උර 3ක් පරීක්ෂා කෙරුණු අතර එහිදී එම උර තුළ පාර්සල් 40ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 84යි ග්‍රෑම් 600ක පමණ තොගයක් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 33කට අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, එම කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරුතුඩුව පොලිසිය වෙත භාරදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14