spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මිලියන 30කට වැඩි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

මන්නාරම ඉලුප්පුකඩවායි කළපු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 92කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

උතුරු මැද නාවික විධානයට අයත් බුවනෙක සහ ගජබා යන නෞකා පසුගිය 30 වනදා ඉලුප්පුකඩවායි කලපු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී යි මෙම ගංජා තොගය සොයා ගැනුනේ.

එම ප්‍රදේශයේ ළඳු කැළෑවක සූක්ෂම ලෙස සඟවා තිබූ ගෝනි උර තුනක් නාවික හමුදාව පරීක්‍ෂාවට ලක් කළ අතර එම උර තුළ පාර්සල් 42ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 92 ග්‍රෑම් 250ක පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 30කට අධික වෙතැයි විශ්වාස කරන අතර, ඒවා ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කරන තෙක් නාවික හමුදා භාරයේ තබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?