මිලියන 190ක කොකේන් කටුනායකින් අල්ලයි

රුපියල් මිලියන 190ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් බඩු පර්යන්තයෙන් හමුවී තිබෙනවා.

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදු කළ ආවේක්ෂනයක ප්‍රතිඵලයක් ලෙසයි කටුනායක ගුවන් බඩු පර්යන්තයේ දී මෙම මත්ද්‍රව්‍ය හමුවී ඇත්තේ.

එහි පිහිටි කුරියර් භාණ්ඩ නිෂ්කාශන ආයතනයක් වෙත ලැබී තිබූ පාර්සලයක් පරීක්ෂා කිරීම සඳහා රඳවාගෙන තිබුණා.

මෙම පාර්සලය පිළිබඳව හිමිකරු දැනුවත් කිරීමෙන් පසුව ඔහු ඉදිරියේදී පරීක්ෂා කිරීමටයි අවශ්‍ය කටයුතු සිදු කර ඇත්තේ.

මෙම සැකකටයුතු පාර්සලය බ්‍රසීලයේ සිට පැමිණ තිබූ අතර ඒ තුළ වොලිබෝල් දැලක වාටිය තුළ තිබූ බටයක් තුළ ඉතා සූක්ෂම ලෙස කොකේන් මත්ද්‍රව්‍ය සඟවා තිබියදී සොයාගෙන තිබෙනවා.

එම බටයේ සම්පූර්ණ දිග අඩි හැට හතක් පමණ වූ අතර ඒ තුළ තිබී සොයාගන්නා ලද කොකේන්වල සම්පූර්ණ බර 2.5kg පමණ වන බවයි රේගුව සඳහන් කළේ.

සොයා ගන්නා ලද කොකේන් මත්ද්‍රව්‍යයෙහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 190ක් පමණ වන බව සඳහන්.

කොළඹ ප්‍රදේශයේ පුද්ගලයකුට ලැබී තිබූ අතර ඔහු විසින් බලයලත් පුද්ගලයෙකු මෙම පාර්සලය නිෂ්කාශනය කිරීම සඳහා ඒවා තිබුණා.

සැකකරුවන් සහ අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලබා දීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37