spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මිලියන 16කට වැඩි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ 3ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ‍ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (25) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 49කට අධික තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරනු ලැබුවා.

එහිදී, උරයක් තුළ පාර්සල් 9ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 20 ග්‍රෑම් 900ක පමණ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එම මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව සිදු කළ වැඩිදුර සෝදිසියේදී, මෙහෙයුම් හමුවේ සැකකරුවන් විසින් මුහුදට දමා තිබූ තවත් උරයක් සොයා ගන්නා ලද අතර, එහි තිබී පාර්සල් 11ක අසුරන ලද කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 29ක පමණ තොගයක් සොයාගනු ලැබුවා.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 16කට අධික බවටයි විශ්වාස කෙරෙන්නේ.

කේරළ ගංජා සමඟ නාවික හමුදා භාරයට ගත් වයස අවුරුදු 25 ත් 42 ත් අතරේ වයසේ පසුවන සැකකරුවන් තුන්දෙනා යාපනය මණ්ඩතිව් සහ තාලයඩි යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.

එම සැකකරුවන්, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලිසිය වෙත භාරදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?