spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මිලියන 14ක කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

රුපියල් මිලියන 14 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

පසුගිය 20 වන දින යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 44 කට අධික තොගයක් සොයා ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

උතුරු නාවික විධානයේ රණවික්‍රම නෞකාව යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී පාවෙමින් තිබූ සැකකටයුතු ගමන් මල්ලක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

එහිදී එම ගමන් මල්ල තුළ පාර්සල් 14ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 44 ග්‍රෑම් 202ක පමණ තොගයක් මෙලෙස සිය භාරයට ගත බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

නාවික හමුදා සෝදිසි මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මුහුදේ අතහැර දමන ලදැයි සැකකෙරෙන මෙම කේරළ ගංජා තොගයේ දළ වටිනාකම, රුපියල් මිලියන 14 කට අධික වන බවටයි විශ්වාස කෙරෙන්නේ.

මෙම කේරළ ගංජා ‍තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදාව භාරයේ සුරක්ෂිතව තබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?