මිලියන 13ක ස්වර්ණාභරණ සමග කාන්තාවක් අත්අඩංගුවට

රුපියල් එක් කෝටි තිස් හත් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටි ව්‍යාපාරික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මරදාන ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි ඇය නිරන්තරයෙන් ගුවන් ගමන්වල නිරත වන ව්‍යාපාරික කාන්තාවක් බව සඳහන්.

මෙම කාන්තාව අද අලුයම 12.40ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ FZ- 569 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඇය රැගෙන ආ ගමන් මලු තුළ සූක්ෂම ලෙස සඟවා ගෙන තිබූ ග්‍රෑම් 666ක් බරැති ස්වර්ණාභරණ තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකාරිය කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.