spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මිලියන 11ක කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

රුපියල් මිලියන 11 කට අධික දළ වීථී වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් යාපන‍යේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය මාමුනෙයි ප්‍රදේශයේ ඊයේ (19) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟිනුයි කේරළ ගංජා කිලෝ 35කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ.

මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේ දී එම ප්‍රදේශයේ මාර්ගයක් අසල අතහැර දමා තිබූ පාර්සල් 18ක් නීරීක්ෂණය කර පරීක්‍ෂාවට ලක් කර තිබෙනවා.

එහිදී, එම පාර්සල්වල අසුරන ලද කේරළ ගංජා කිලෝ 35යි ග්‍රෑම් 900ක පමණ තොගයක් මෙලෙස සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 11කට අධික වෙතැයි විශ්වාස කරන අතර, එම තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?