මිල්කෝ සමාගමෙන් කිරි ගොවීන්ට උපදෙසක්

මේ දිනවල පවතින උණුසුම් කාලගුණය හේතුවෙන් තම ගවයන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දේශීය කිරි නිෂ්පාදකයෙකු වන මිල්කෝ පුද්ගලික සමාගම ගව හිමියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් මිල්කෝ සමාගම සඳහන් කළේ බස්නාහිර, දකුණ, උතුරු මැද සහ වයඹ පළාත්වලත් කුරුණෑගල, මුලතිව්, වවුනියාව සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලත් අද සහ හෙට දිනයේදී අධික උණුසුමක් අපේක්ෂා කරන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බවයි.

මෙම කාලසීමාව තුළ කිරි ගවයින් සෑම විටම සෙවණ ඇති ආරක්ෂිත ස්ථාන තුළ තබා ඔවුන්ට බීමට අවශ්‍ය තරම් ජලය ලබා දෙමින් ආරක්ෂාව තහවුරු කරන ලෙස මිල්කෝ ගව හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා.

Milco 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34