spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මිල්කෝ සමාගමෙන් කිරි ගොවීන්ට උපදෙසක්

මේ දිනවල පවතින උණුසුම් කාලගුණය හේතුවෙන් තම ගවයන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දේශීය කිරි නිෂ්පාදකයෙකු වන මිල්කෝ පුද්ගලික සමාගම ගව හිමියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් මිල්කෝ සමාගම සඳහන් කළේ බස්නාහිර, දකුණ, උතුරු මැද සහ වයඹ පළාත්වලත් කුරුණෑගල, මුලතිව්, වවුනියාව සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලත් අද සහ හෙට දිනයේදී අධික උණුසුමක් අපේක්ෂා කරන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බවයි.

මෙම කාලසීමාව තුළ කිරි ගවයින් සෑම විටම සෙවණ ඇති ආරක්ෂිත ස්ථාන තුළ තබා ඔවුන්ට බීමට අවශ්‍ය තරම් ජලය ලබා දෙමින් ආරක්ෂාව තහවුරු කරන ලෙස මිල්කෝ ගව හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා.

Milco 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?