spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මිරිහානේ නිවසකින් නිරුවත් කතකගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරු හමුවෙයි

මිරිහාන ප්‍රදේශයේ නිවසක කාමරයේ ඇඳක් මත දින කිහිපයකට පෙර මියගොස් නරක් වූ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සහ නිවසේ මුළුතැන්ගෙයි බිම තිබී නිරුවත් කාන්තාවකගේ මළ සිරුරක් ද මිරිහාන පොලිසිය සොයාගෙන තිබෙනවා.

ඒ එම ප්‍රදේශයේ අසල්වැසියෙකු විසින් එම නිවසේ දින කිහිපයක සිට දුඟදක් හමන බවට මිරිහාන පොලිසියට කල දැනුම්දීමකට පසුවයි.

මෙලෙස මියගොස් ඇති පිරිමි පුද්ගලයා වයස අවුරුදු 80ක පමණ අයෙක් වන අතර කාන්තාව වයස අවුරුදු 96ක් වන එම නිවසේ පදිංචිව සිටි අඹු සැමි යුවලක් බවට දැනට සිදුකල විමර්ශනවල දී අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.

මෘත ශරීර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා මෘත ශරීර, කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබෙනවා.

මෙය අපරාධයක් ද නැතහොත් ස්වභාවික මරණයක් ද යන්න පිළිබඳ මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?