මියන්මාර හමුදාවෙන් දරුණු ප්‍රහාරයක්

පසුගියදා මියන්මාර හමුදා ප්‍රහාරයකින් මියගිය පිරිස අතර සිය සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයින් දෙදෙනෙකු ද වන බව “සේව් ද චිල්ඩ්‍රන්” සංවිධානය පවසයි.

ඉකුත් 25 වනදා මියන්මාරයේ “කයා” ප්‍රාන්ථයේදී මියන්මාර හමුදා විසින් වෙඩිතබා ඝාතනය කර පුළුස්සා දමා තිබූ ළමුන්, කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 35 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබුණි.

අදාළ සිදුවීම හෙළාදකිමින් නිවේදනයක් නිකුත් කර ඇති “සේව් ද චිල්ඩ්‍රන්” සංවිධානය පෙන්වාදෙන්නේ සිය සංවිධානයට අයත් 32 හැවිරිදි හා 28 හැවිරිදි සාමාජිකයින් දෙදෙනෙකු සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා ඝාතනයට ලක්වූ පිරිස අතර වන බවය.

කෙසේවෙතත් අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා මියන්මාර හමුදා පාලනය ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් වෙයි.

පසුගිය පෙබරවාරි මාසයේ හමුදාව විසින් මියන්මාරයේ පාලනය අත්පත්කර ගැනීමෙන් අනතුරුව එරට ප්‍රදේශ රැසක දැවැන්ත විරෝධතා පැවැත්වුණි.

මේ වනවිට හමුදා පාලනය විසින් අත්අඩංගුවටගත් විශාල පිරිසක් රැඳවුම් භාරයේ පසුවන අතර කාන්තාවන්, කුඩා ළමුන් ඇතුළු සිය ගණනක් ඝාතනය කර ඇති බවට චෝදනා එල්ලවෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44