මියන්මාරයේ ආරක්ෂක උපදේශකවරයෙක් හා ආරක්ෂක ලේකම් අතර නිල හමුවක්

ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ජෙනරල් Zaw Moe Lwin අද (28) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා හමු වුණා.

මෙම හමුවේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම වෙනුවෙන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා.

ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ අවධානයට ලක් වූ අතර ඈත අතීතයේ පටන් දෙරට අතර පවතින ශක්තිමත් සබඳතා පිළිබඳ අවධාරණය කරමින් බ්‍රිගේඩියර් ජෙනරල් Zaw Moe Lwin සමුද්‍රීය ආරක්‍ෂාව සහ සම්බන්ධ ආරක්‍ෂක පුහුණු වැඩසටහන් වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාවයේ වැදගත්කම ඉස්මතු කළා.

සුහදත්වයේ සංකේතයක් ලෙස දෙපාර්ශ්වයේ නිලධාරීන් අතර සමරු තිළිණ හුවමාරුවක් සිදු වුණ අතර ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී ද මෙම අවස්ථාවට සහභාගි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51