මියන්මාරයේ අවුං සාන් සුකී වෙනුවෙන් රනිල් පෙනී සිටී

මියන්මාරයේ අවුං සාන් සුකී ඇතුළු පිරිසකට සිර දඬුවම් ලබා දී තිබෙන බවත්, ඒ පිළිබඳ මෙරට ආණ්ඩුව අප්‍රසිද්ධියේ හෝ අවධානය යොමු කළ යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේදී අද (07දා) අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

අවුං සාන් සුකී ඇතුළු පිරිසකට සිර දඬුවම් ලබා දීම පිළිබඳ කනගාටු වන බවත්, කෙසේ වෙතත් එරට අධිකරණයකින් ලබා දුන් තීන්දුවකට විරුද්ධව මෙරට පාර්ලිමේන්තුවේ නැගී සිටීමට අයිතියක් නොමැති බවත් එහිදී අදහස් පළ කරමින් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

එමෙන්ම කුමන රටක සිදු වුවද හමුදා ආණ්ඩුවකට කැමැති නැති බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ – මියන්මාරයේ තත්ත්වය ගැන ආණ්ඩුව අවධානය යොමු කරන්න ඕන. විශේෂයෙන්ම සුකී මහත්මියත් අනිත් අයටත් දැන් සිර දඬුවම් දීලා තිබෙනවා. මේ ඡන්දේ තියෙද්දි එතුමියගේ පක්ෂය තමයි දින්නේ. එතුමිය තමයි ප්‍රජාතන්ත්‍රවාදය ‌ෙගනාවේ. පළවෙනි අගමැති අවුංසාන්ගේ දියණිය. ආසියානු රටවලුත් මේ ගැන ක්‍රියා කරලා තිබෙනවා. ආසියානු රටවල් මියන්මාර ජනාධිපතිට ආරාධනා කළේ නෑ තමන්ගේ රැස්වීම්වලට. මම කියන්නේ නෑ ප්‍රසිද්ධියේ කරන්න ඕන කියලා. අප්‍රසිද්ධියේ හරි අපේ අවධානය එතනට යොමු කරන්න ඕන. මම කැමැතියි සභානායකට කියන්න ඒ ගැන ආණ්ඩුවේ අවධානය යොමු කරන්න කියලා.

ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර – අවුංසාන් සුකී ගැන කිව්වා. අපි කවුරුත් කනගාටු වෙනවා එතුමියව සිර දඬුවමකට යටත් කර තිබීම ගැන. කෙසේ වෙතත් හමුදා පාලනය කියනවා, ඒ හමුදා පාලනය යටතේ මෙයා වරදවල් කරපු නිසා තමයි මේ ඇය සිරභාරයේ ඉන්නේ කියලා. හමුදා ආණ්ඩුවකට අපි කවදාවත් කැමති නෑ මොන රටේ වුණත්. නමුත් ඒ රටේ ඒ දේවල් වෙච්ච හේතුව හෝ ඒකට පසුබිම් වූ කරුණු අපි දන්නේ නෑ. ප්‍රශ්නය තිබෙන්නේ මේකයි. අධිකරණයකින් තීන්දුවක් දුන්නා කියලා අපේ සභාවට ඊට විරුද්ධව නැගී සිටින්න අයිතියක් නෑ. ඉතින් ඇයි මේක මේ සභාවේ මතු කරන්නේ.

එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ – අවුංසාන් සුකී මහත්මියගේ පක්ෂය ඡන්දය දිනලා ආණ්ඩුව ගන්න පෙර මේක කළේ. දෙවනුව ඔවුන් පත් කළ මිලිටරි එකකින් තමයි මේ දඬුවම දීලා තිබෙන්නේ. එතුමියව චීනය, ඇමෙරිකාව, ඉන්දියාව, ජපානය පිළි ගන්නවා. ආසියානු රටවලින් කියනවා මියන්මාරයට එන්න එපා කියලා. අප්‍රසිද්ධියේ මේ කාරණය ගන්න කියලා තමයි මම කියන්නේ.

වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක – අවුංසාන් සුකීගේ කාරණයේදී ඒ රටට සම්බාධක දාන වෙලාවේදී, සම්බාධක දාපු රටවලට ඇඟිල්ල දිගු කරලා කිව්වා අපේ රටේ ප්‍රශ්න අපි විසඳ ගන්නම් කියලා. ඒ නිසා අවුංසාන් සුකී දුන්න පූර්වාදර්ශය අපි ඉදිරියට ගෙන යන්න ඕන. 

  1. තමන්ගෙ ගේනි වෙනුවෙන් යමක් කර ගන්න නපුන්සකයා ; කොහෙවත් රටක ඉන්න ගෙනියෙක් වෙනුවෙන් පෙනී ඉන්නවා; මෙවා තමා නරි නාඩගම් . . බටලන්දේ වදකාගාරයෙ තරුනයන් මරපු මරන්න අන දුන් එකා ; දෙන් වෙන රටක ගෙනියෙක් සිර ගෙට යෑම වෙනුවෙන් පෙනී ඉන්නවා; මුන් වාගෙ පාහරයන්ට බල්ලො දමල ඇරවන්න ඔනෙ ; පරයා පොනිල්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්න සජබය සූදානම්
04:43
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගැන තාත්තා කිව්ව දේ.. ඔලිම්පික් රන් පදක්කමක් අපිට දැන් පේනවා
08:27
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19