මියගිය සහ ආබාධිත රණවිරු වැටුප් හා දීමනා ලබාදීම ගැන නිවේදනයක්

යුද්ධයේදී මියගිය හා ආබාධිත රණවිරුවන්ගේ යැපෙන්නන් හට වැටුප් හා දීමනා ලබාදීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ පසුගිය යුධ සමයේ පැවති ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිත තත්වයට පත්ව වෛද්‍ය හේතුන් මත, ත්‍රිවිධ හමුදා සේවයෙන් ඉවත් වන හමුදා සාමාජිකයින් වෙත වයස 55 දක්වා සහ ඔහුට සහ ඔහුගේ වැන්දඹු බිරිදට ජීවිතාන්තය දක්වා එම දීමනා එලෙසම ලබාදීම සඳහා දැනටමත් අවශ්‍ය විධිවිධාන සලසා ඇති බවයි.

දැනට පවතින විධිවිධාන අනුව ආබාධිත හමුදා සාමාජිකයා වයස අවුරුදු 55 එළඹීමට පෙර මියගියහොත් එම වැන්දඹුව වෙත වැටුප් හා දීමනා හිමි වීම සඳහා වෛද්‍ය මණ්ඩලයක් විසින් එම මිය යෑම ආබාධිත තත්වයේ සෘජු ප්‍රථිපලයක් නිසාවෙන් සිදුවී ඇති බව තහවුරු කල යුතු වනවා.

වෛද්‍ය මණ්ඩලය විසින් එම මියයෑම යුද්ධයේදී ආබාධිත වීම නිසා ඇතිවූ සෘජු ප්‍රථිපලයක් බව තහවුරු කළ නොහැකි හේතුවක් මත මියගියහොත්, වැන්දඹුව වෙත ලබාදිය හැක්කේ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප පමණක් බවයි අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වය හේතුවෙන් දුෂ්කරතාවයට පත්ව සිටින වැන්දඹුවන් වෙතින් ඔවුන් වෙත ද වැටුප් හා දීමනා ලබාදෙන ලෙස අමාත්‍යාංශය වෙත පසුගිය කාලසීමාව තුළදී සැලකිය යුතු ඉල්ලීම් ප්‍රමාණයක් ඉදිරිපත් වී තිබෙනවා.

එම ඉල්ලීම් සැලකිල්ලට ගෙන ඔවුන් වෙත ද සහන සැලසීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් විශ්‍රාමලත් ආබාධිත හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අනියත බියක් ඇතිකර නොගත යුතු අතර, ඇතැම් පාර්ශවයන් විසින් මේ සම්බන්ධව ආබාධිත හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් තුල ව්‍යාකුල තත්වයන් ඇති කිරීමට උත්සහ කරන අවස්ථා නිරීක්‍ෂණය වී ඇති බව එම අමාත්‍යංශය ප්‍රකාශ කළා.

ආරක්‍ෂක අමාත්‍යාංශය වශයෙන් ඉදිරියේදී ද විශ්‍රාමලත් හමුදා සාමාජිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය වෙනුවෙන් උපරිම වශයෙන් ක්‍රියාකරන බවද වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42