spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මියගිය යුක්‍රේන ජාතිකයන් දෙදෙනෙකුගේ සිරුරු රැගත් නෞකාවක් ගාලු වරායට

ස්විස්ටර්ලන්තයේ සිට ඉන්දියාව දක්වා ජාත්‍යන්තර මුහුදේ ගමන් කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක සේවය කරමින් සිටි යුක්රේන ජාතික නාවිකයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි සහ 40 හැවිරිදි යුක්‍රේන නාවිකයන් දෙදෙනෙක් වන අතර එම මළ සිරුරු රැගත් නෞකාව ගාලු වරායට පැමිණ ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

මෙම නාවිකයින් දෙදෙනා අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (31) රාත්‍රියේ මියගොස් ඇති බව අනාවරණ වී තිබෙනවා.

මරණ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (01) සවස පැවත්වීමෙන් අනතුරුව මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා කරාපිටිය රෝහලට රැගෙන යෑමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?