මියගිය පැටවුන් මිහිදන් කරන ආසියානු අලි ඇතුන්ගේ රහස එළියට

ආසියානු අලි ඇතුන් මහ හඬින් වැළපෙමින් තම මියගිය පැටවුන් මිහිදන් කරන බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

ඉන්දියානු විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකරන ලද අධ්‍යයනයකට අනුව මේ බව අනාවරණය කරගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහිදී ආසියානු අලි ඇතුන් මහ හඬින් වැළපෙමින් තම මියගිය පැටවුන් භූමදාන කරමින් මානව අවමංගල්‍ය චාරිත්‍ර සිහිපත් කරන ආකාරයෙන් හැසිරෙන බවයි අනාවරණය කරගෙන ඇත්තේ.

2022 සහ 2023 වසරවල දී ඉන්දියාවේ බෙංගාල කලාපයේ වෙසෙන අලි ඇතුන් විසින් සිදුකරන ලද පැටවුන් භූමදාන පහක් පර්යේෂකයන් විසින් මේ වනවිට හඳුනාගෙන ඇති බවයි වාර්තා වුණේ.

ආසියානු අලි රංචුවක සිටින පැටවෙක් මියගිය පසු රංචුවේ අනෙක් සත්වයින් එම සිරුර කඳෙන් සහ පාදවලින් ගෙන ගොස් දෙපා ඉහළට තබා පොළොවේ මිහිදන් කරන බවයි විද්‍යාඥයින් විසින් අනාවරණය කරගෙන ඇත්තේ.

එම අවස්ථාවේ දී අලි ඇතුන් මහ හඬින් වැළපෙමින් ශෝකය පලකරන බවයි විද්‍යාඥයින් පවසන්නේ.

විද්‍යාඥයින් වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම සුසාන භූමි අවට සහ අලි පැටවුන්ගේ සිරුරු ආවරණය වන පස් මත අලි ඇතුන් 15 ත් 20 ත් අතර පිරිසකගේ පැහැදිලි පා සටහන් නිරීක්ෂණය වූ බවයි.

මෙම අධ්‍යයනය සිදුකළ විද්‍යාඥයින් සොයාගත් භූමදාන පහ, මාස තුනත් අවුරුද්දක් අතර වයසේ පසු වූ අලි පැටවුන්ගේ බවයි පවසන්නේ.

මේ අතර අලි ඇතුන් විසින් මෙම භූමදානය සිදුකර විනාඩි 40ක් පමණ කාලයක් ඇතුළත අවසන් ගෞරව දක්වා එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව ද සඳහන්.

පසුව නැවත එම ප්‍රදේශයට පැමිණීම වැළකීමට එම සත්වයින් පියවර ගන්නා බවයි අධ්‍යයනයෙන් වැඩිදුරටත් හෙළිවී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18