spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මියගිය පැටවුන් මිහිදන් කරන ආසියානු අලි ඇතුන්ගේ රහස එළියට

ආසියානු අලි ඇතුන් මහ හඬින් වැළපෙමින් තම මියගිය පැටවුන් මිහිදන් කරන බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

ඉන්දියානු විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකරන ලද අධ්‍යයනයකට අනුව මේ බව අනාවරණය කරගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහිදී ආසියානු අලි ඇතුන් මහ හඬින් වැළපෙමින් තම මියගිය පැටවුන් භූමදාන කරමින් මානව අවමංගල්‍ය චාරිත්‍ර සිහිපත් කරන ආකාරයෙන් හැසිරෙන බවයි අනාවරණය කරගෙන ඇත්තේ.

2022 සහ 2023 වසරවල දී ඉන්දියාවේ බෙංගාල කලාපයේ වෙසෙන අලි ඇතුන් විසින් සිදුකරන ලද පැටවුන් භූමදාන පහක් පර්යේෂකයන් විසින් මේ වනවිට හඳුනාගෙන ඇති බවයි වාර්තා වුණේ.

ආසියානු අලි රංචුවක සිටින පැටවෙක් මියගිය පසු රංචුවේ අනෙක් සත්වයින් එම සිරුර කඳෙන් සහ පාදවලින් ගෙන ගොස් දෙපා ඉහළට තබා පොළොවේ මිහිදන් කරන බවයි විද්‍යාඥයින් විසින් අනාවරණය කරගෙන ඇත්තේ.

එම අවස්ථාවේ දී අලි ඇතුන් මහ හඬින් වැළපෙමින් ශෝකය පලකරන බවයි විද්‍යාඥයින් පවසන්නේ.

විද්‍යාඥයින් වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම සුසාන භූමි අවට සහ අලි පැටවුන්ගේ සිරුරු ආවරණය වන පස් මත අලි ඇතුන් 15 ත් 20 ත් අතර පිරිසකගේ පැහැදිලි පා සටහන් නිරීක්ෂණය වූ බවයි.

මෙම අධ්‍යයනය සිදුකළ විද්‍යාඥයින් සොයාගත් භූමදාන පහ, මාස තුනත් අවුරුද්දක් අතර වයසේ පසු වූ අලි පැටවුන්ගේ බවයි පවසන්නේ.

මේ අතර අලි ඇතුන් විසින් මෙම භූමදානය සිදුකර විනාඩි 40ක් පමණ කාලයක් ඇතුළත අවසන් ගෞරව දක්වා එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව ද සඳහන්.

පසුව නැවත එම ප්‍රදේශයට පැමිණීම වැළකීමට එම සත්වයින් පියවර ගන්නා බවයි අධ්‍යයනයෙන් වැඩිදුරටත් හෙළිවී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
5
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?